වික්ටෝරියා පාසල් සිසුන්ට නොමිළයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

පාසල් සිසුන්ට නොමිළයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරගැනීම සඳහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාධිතයන් වාර්තා වූ පාසල් 20 ක පළමු අධියරේදී එය ආරම්භ කෙරෙනු ඇති.

ලබන 15 වනදා වනවිට සෑම පාසලකටම එය ව්‍යාප්ත කරන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනකය කර සිටී.

වයස අවුරුදු 12 ට අඩු, කොවිඩ් ආසාධිතයන්ගේ සමීප ආශ්‍රිතයන් බවට පත් වූ මේ දක්වා එන්නත්කරණයට ලක් නොවූ සිසුන්ට පළමුවෙන් රැපිඩ් ඇන්ටිජන් පහසුකම ලබාදෙන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කරයි.

සෘණාත්මක ප්‍රථිඵලයක් ලද හොත් දින 07 කට පාසලට පැමිණිම සඳහා ද අවසර ලැබෙනු ඇත.

පාසල් සඳහා රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂ 02 ක් තහවුරු කරගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පසුගියදා සමත්විය.

විනාඩි 15 ත් 30 ත් අතර කාලයකදී එහි ප්‍රථිඵලය ලබා ගත හැකි වේ.

පසුගිය පළමුවනදා සිට නිවසේදීම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිවිය.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »