නිවු සවුත් වේල්ස් අද සිට ලිහිල් වන කොවිඩ් රෙගුලාසි මෙන්න

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙතෙක් පැවති කොවිඩ් මර්දන රෙගුලාසි රැසක් අද සිට ලිහිල් කර තිබේ.

මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඒකරාශීවීම් සඳහා තවත් පිරිස් ගෙන්වා ගත හැකි අතර නිවාස තුළ හමුවිය හැකි පුද්ගලයන් සඳහා පැවති සීමාව ඉවත් කර ඇත.

ව්‍යාපාරික ස්ථානවල මේ දක්වා ක්‍රියාත්මක වූ වර්ග මීටර් 02 ක දුරස්ථභාවය වර්ග මීටරයක් දක්වා අඩු කෙරේ.

පිහිණුම් තටාක විවෘත කර ඇති අතර නර්ථන කටයුතු සඳහා පැවති නීති ලිහිල් වනු ඇති.

ක්‍රීඩාංගණ – තුරග තරග පිටි – සත්වෝද්‍යාන – සැණකෙළි – සිනමා ශාලා වැනි ස්ථානවලට උපරිම ධාරිතාවයෙන් නරඹන්නන් ගෙන්වා ගත හැකි අතර බාහිර උත්සව සඳහා උපරිම පුද්ගලයන් 1000 දෙනෙකු ගෙන්වා ගැනීමේ අවසර පවතී.

නිවු සවුත් වේල්ස් හි පාසල් සිසුන්ට අද සිට නැවතත් සංගීත පංති සඳහා සහභාගීවීමටද අවසර හිමිවනවා.

කෙසේවෙතත් මුව ආවරණ රෙගුලාසි ලබන මස 15 වනදා දක්වා අඛණ්ඩව බලාත්මක වන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කර සිටින්නේ.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »