Day: October 29, 2021

Casey – Greater Dandenong අවුරුදු 20 – 40 අතර කොවිඩ් ආසාධිතයන් වාර්තා වීම ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 20 – 40 ත් අතර වයස් කාණ්ඩයේ කොවිඩ් ආසාධිතයන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී Brett Sutton පවසන්නේ Casey සහ Greater Dandenong ප්‍රදේශවලින් ඉන් බහුතරය සටහන් වන බවයි. එබැවින් එම ප්‍රදේශවල ජනතාව වහා එන්නත්කරණයට ලක්වීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කර සිටී. මේ අතර හෙට වනවිට පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 ඉක්මවා යනු ඇතැයිද අනාවැකි පළකරනවා. ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,656

Read More »

වික්ටෝරියා අයහපත් කාළගුණය : නිවාස ලක්ෂ 05 ක විදුලිය ඇණ හිටී / ට්‍රෑම් ප්‍රමාදයන් / ප්‍රදේශ ගණනාවක රිය අනතුරු

ඊයේ රාත්‍රියේ සහ අද උදාසන සිට වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින ධාරාණිපාත වර්ෂා – දැඩි සුළං තත්වය හේතුවෙන් ගස් කඩා වැටීමෙන් නිවාස ලක්ෂ 05 ක පමණ විදුලිය බිඳ වැටී තිබේ. State Emergency Service (SES) සඳහන් කලේ ගතවූ පැය 24 තුළ උපකාර ඉල්ලා දුරකථන ඇමතුම් 1500 ක් පමණ ලැබුණු බවයි. ගස් කඩා වැටීම් පිළිබඳ වාර්තා 1100 ක් / නිවාස හානි සිදුවීම් 216 ක් මීට අයත්. Cranbourne / Dandenong / Hawthorn / Ballarat, Bendigo, Whitehorse & Broadmeadows ආදී ප්‍රදේශ

Read More »

2021-22 ක්වීන්ස්ලන්ත Skilled Migration වැඩසටහන ඇරඹේ

2021-22 වර්ෂය සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන ආරම්භ කර තිබේ. ඔබ නිපුණතා ශ්‍රමිකයෙකු නම් නව EOI එකක් ඉදිරිපත් කිරීම සඳහා දැන් අවස්ථාව පවතී. 2021-22 මුල්‍ය වර්ෂය සඳහා ක්වීන්ස්ලන්තයේ සංක්‍රමණික කෝටාව පහත පරිදි වේ. Skilled Nominated (Subclass 190) වීසා – 1,000 Skilled Work Regional (Subclass 491) වීසා – 1,250 Business Innovation and Investment Program (BIIP) – 1,400 මේ පිළිබඳ සියලු තොරතුරු පහත Link එක මගින් ලබාගත හැකිය. https://migration.qld.gov.au/news

Read More »

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 269 ක් / මරණ 02 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (28) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 269 ක් වාර්තා වි තිබේ. දැනට 363 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 80 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 02 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 566 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 82,840 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1453844054521704451?s=20

Read More »

“ෆේස්බුක්” නම වෙනස් කෙරේ!

ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පවසන්නේ තම Facebook සමාගම “Metaverse (Meta)” ලෙස නැවත නම් කරන බවයි. සකර්බර්ග් පැවසුවේ මීළඟ දශකය තුළ Meta සමාගම පරිශීලකයින් බිලියනයකට ළඟා වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. නැවත සන්නාමය පැහැදිලි කරමින් සකර්බර්ග් පැවසුවේ “අපි මිනිසුන් සම්බන්ධ කිරීමට තාක්‍ෂණය ගොඩනඟන සමාගමක්” වන අතර ෆේස්බුක් යන නම තවදුරටත් සමාගම කරන සෑම දෙයක්ම ඇතුළත් නොවන බවයි. සකර්බර්ග් පවසන්නේ එය නිර්මාණකරුවන් සඳහා මිලියන ගණනක් රැකියා උත්පාදනය කරන නව පද්ධතියක් වනු ඇති බවයි. මෙම

Read More »