Casey – Greater Dandenong අවුරුදු 20 – 40 අතර කොවිඩ් ආසාධිතයන් වාර්තා වීම ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 20 – 40 ත් අතර වයස් කාණ්ඩයේ කොවිඩ් ආසාධිතයන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී Brett Sutton පවසන්නේ Casey සහ Greater Dandenong ප්‍රදේශවලින් ඉන් බහුතරය සටහන් වන බවයි.

එබැවින් එම ප්‍රදේශවල ජනතාව වහා එන්නත්කරණයට ලක්වීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කර සිටී.

මේ අතර හෙට වනවිට පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 ඉක්මවා යනු ඇතැයිද අනාවැකි පළකරනවා.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,656 ක් හමුව ඇත. මරණ 10ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,730 කි

ඊයේ දිනයේදී (28) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 70,180 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 20,361ක් ලබා දී තිබේ.

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලාංකීය සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන අවස්ථා ඉහළ නංවමින් ඔස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය (Flinders University) සිය විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

Read More »

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »