
ඊයේ රාත්‍රියේ සහ අද උදාසන සිට වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින ධාරාණිපාත වර්ෂා – දැඩි සුළං තත්වය හේතුවෙන් ගස් කඩා වැටීමෙන් නිවාස ලක්ෂ 05 ක පමණ විදුලිය බිඳ වැටී තිබේ.
State Emergency Service (SES) සඳහන් කලේ ගතවූ පැය 24 තුළ උපකාර ඉල්ලා දුරකථන ඇමතුම් 1500 ක් පමණ ලැබුණු බවයි.
ගස් කඩා වැටීම් පිළිබඳ වාර්තා 1100 ක් / නිවාස හානි සිදුවීම් 216 ක් මීට අයත්.

Cranbourne / Dandenong / Hawthorn / Ballarat, Bendigo, Whitehorse & Broadmeadows ආදී ප්‍රදේශ ගණනාවකින් අයහපත් කාළගුණය සම්බන්ධ රිය අනතුරුද වාර්තා වී තිබේ.
මේ අතර කඩා වැටුණු ගස් හේතුවෙන් ට්‍රෑම් ප්‍රවාහන ජාලයේද ප්‍රමාදයන් පැවතිය හැකියි.

අඩාල වූ විදුලි බලය යථා තත්වයට පත් කිරීම සඳහා ලබන සඳුදා පමණ වනු ඇති බවටද අනතුරු ඇගවීමක් සිදු කෙරේ.
මේ අතර පාසල් රැසක අද පැවැත්වීමට නියමිත වූ 12 වන ශ්‍රේණියේ විභාග කල් දමා ඇත්තේද අයහපත් කාළගුණය හේතුවෙනුයි.
source :
Pic – The Age