Day: October 25, 2021

කෙටි පණිවිඩ Spam ජාවාරමක් පිළිබඳ ඔස්ටේ්‍රලියානුවන්ට නැවතත් අනතුරු ඇගවෙයි

ජංගම දුරකථන කෙටි පණිවිඩ හරහා සිදුකරන Spam ඝනයට අයත් ජාවාරමක් පිළිබඳ ඔස්ටේ්‍රලියානුවන්ට නැවතත් අනතුරු ඇගවෙයි. ඉන් එකක් වන්නේ ඔබේ ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැර ඇති බවත් එය පහත Link එකෙන් දැක බලා ගත හැකි බවත්ය. දෙවැන්න වන්නේ ඔබට කිසියම් පාර්සලයක් ලැබී ඇති බවත් ඊට සම්බන්ධ කරුණක් සඳහා Link එකක් Click කරන ලෙසයි. මෙම කිසිවක් Click නොකරන ලෙසට ඉල්ලීමක් කෙරේ. එමෙන්ම අදාළ කෙටි පණිවිඩ Delete කර දමන්නැයිද දැනුම් දෙයි. මෙවැනි Spam පිළිබඳ දැනුම් දෙන්න : https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.scamwatch.gov.au%2Freport-a-scam%3Ffbclid%3DIwAR3LbduDfRB1Po4OJ2PuAD_addE4ohn5Gm_pozHJVSLyOZuyT8LPcCfR_As&h=AT1rNHAj4R0tsnAQAhBbmup6oi481lpm76IiUedjbTqCxBcbHK2nsV2MCMLyyw8xrWhFuJB7BGRdLukl2yW_stYiw4SI03u9MIjt3Rn6skYqvGkFnn3Y5RtBWQOo8RlREQU&__tn__=-UK-R&c[0]=AT1X2cuS4xQP8wUynihrwVc17ZST2av8esw2JPTc90oOJAl1wCm8_zmTyJSUph0ZR-yyYz6oqPHQUVlj_6RQ54X49G_LxKLFbMsSpkn_jn4MFxq5vnyJXp7XrskhZJdfOvbsXXwKTbrbxWt6-0xsCX1W5AfvFL0LY9yLvfST1-s86A  

Read More »

වික්ටෝරියා ප්‍රාදේශීය කලාපවල එන්නත්කරණය පුලුල් කෙරේ

ලබන සිකුරාදා සිට ලොක්ඩවුන් සීමා තවත් ලිහිල් කිරීමට පියවර ගැනීමත් සමග ප්‍රාදේශීය කලාපවල එන්නත්කරණ කටයුතු පුලුල් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ඒ අනුව Seymour, Warrnambool, the Mornington Peninsula & Grampians ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී තවත් එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතයි. ප්‍රාන්තයේ අනෙක් ප්‍රදේශවල එන්නත්කරණ ප්‍රතිශතයට වඩා මෙම ප්‍රදේශවල එන්නත්කරණ ප්‍රතිශතය පවතින්නේ අවම මට්ටමකයි. ලබන සිකුරාදා සිට මෙල්බර්න් නාගරික සහ ප්‍රාදේශීය කලාප අතර ගමන් කිරීමට අවසර හිමිවනු ඇති. දින 77 කට පසුවයි මෙලෙස කලාප 02

Read More »

ඔස්ටේ්‍රලියාව පුරා FedEx බෙදා හැරීම් සේවකයන් වැඩ වර්ජනයක

සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා FedEx පාර්සල් බෙදා හැරීම් සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. පාලනාධිකාරිය සමග ඇතිකරගත් එකගතා කඩ කල බවට චෝදනා කරමිනුයි ඔවුන් මෙලෙස පැය 24 ක වර්ජනයක් ආරම්භ කර ඇත්තේ. පසුගිය මාස කිහිපය පුරා වරින්වර පැවති මෙවැනි බෙදා හැරීම් සේවක වර්ජන හමුවේ පාර්සල් මිලියන ගණනක් ගොඩ ගැසී ඇති බව සඳහන්. එබැවින් නත්තල් සමයට පෙර නියමිත පරිදි අදාළ පාර්සල් බෙදා හැරීම් අවසන් කරගත නොහැකි වනු ඇති බවටද වාර්තා පළවනවා. FedEx සේවකයන් පසුගිය බ්‍රහස්පතින්දා මෙම වර්ජනය සැළසුම්

Read More »

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 294 ක් / මරණ 04 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (24) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 294 ක් වාර්තා වි තිබේ. දැනට 474 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 116 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 04 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 558 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 59,612 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1452394601667465219?s=20

Read More »

වික්ටෝරියාවේ ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,461ක් | මරණ 7ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,461 ක් හමුව ඇත. මරණ 7ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 24,831 කි. ඊයේ දිනයේදී (24) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 56,905 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 27,859ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1452394530943107072?s=20 අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

Read More »