ඔස්ටේ්‍රලියාව පුරා FedEx බෙදා හැරීම් සේවකයන් වැඩ වර්ජනයක

සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා FedEx පාර්සල් බෙදා හැරීම් සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

පාලනාධිකාරිය සමග ඇතිකරගත් එකගතා කඩ කල බවට චෝදනා කරමිනුයි ඔවුන් මෙලෙස පැය 24 ක වර්ජනයක් ආරම්භ කර ඇත්තේ.

පසුගිය මාස කිහිපය පුරා වරින්වර පැවති මෙවැනි බෙදා හැරීම් සේවක වර්ජන හමුවේ පාර්සල් මිලියන ගණනක් ගොඩ ගැසී ඇති බව සඳහන්.

එබැවින් නත්තල් සමයට පෙර නියමිත පරිදි අදාළ පාර්සල් බෙදා හැරීම් අවසන් කරගත නොහැකි වනු ඇති බවටද වාර්තා පළවනවා.

FedEx සේවකයන් පසුගිය බ්‍රහස්පතින්දා මෙම වර්ජනය සැළසුම් කර තිබූ නමුත් පාලනාධිකාරිය සමග ඇතිකරගත් එකගතාවයක් මත එය අත්හිටුවනු ලැබුවා.

https://twitter.com/jackboutros1/status/1452380097638395904?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1452380097638395904%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2F7news.com.au%2Fbusiness%2Fworkplace-matters%2Ffedex-workers-across-the-country-walk-off-the-job-in-24-hour-strike-c-4323633

 

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »