Day: October 17, 2021

VIC / NSW සහ නවසීලන්තය අතර නිරෝධායනයකින් තොර ගුවන් ගමන් අගහරුවාදා සිට

ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර නිරෝධායනයකින් තොර (Quarantine-free) ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත එකග වී ඇත්තේ නවසීලන්තයේ දකුණු දිවයින සමග ලබන අගහරුවාදා සිට යළිත් ගුවන් ගමන් ආරම්භ කිරීමටයි. පසුගිය වසරේදී වාර්තාවීමෙන් පසු මේ දක්වා නවසීලන්තයේ දකුණු දිවයිනෙන් මේ දක්වා කිසිදු කොවිඩ් ආසාධිතයකු වාර්තා වී නොමැත. එමෙන්ම උතුරු දිවයිනේ සිට දකුණු දිවයිනට පුද්ගලයන් පැමිණීම වළක්වාලීමට පියවර රැසක් ගෙන ඇති බැවින් අවධානමක් ද නොමැති බවයි ඔස්ටේ්‍රලියා ප්‍රධාන

Read More »

ඩොලර් 48 ක් නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ කලු පැල්ලමක්

ශ්‍රී ලංකාවට පැමිණි ජර්මනියට අයත් ගුවන් යානයකට කටුනායක ගුවන්තොටුපළ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා. ජර්මනියේ සිට මාලදිවයිනට මගීන් 226 දෙනෙකු සමග පැමිණි ගුවන් යානයක් ඉකුත් සැප්තැම්බර් 26 වනදා පෙරවරු 11.25 ට පමණ කටුනායක ගුවන් තොටුපළට හදිසියේ ගොඩබස්වා ඇත්තේ ගුවන් කලාපයේ පැවැති දැඩි අයහපත් කාලගුණික තත්වය හේතුවෙනුයි. පස්වරු 01 ට පමණ එම ගුවන් යානය නැවත පිටත්වීමට සූදානම්වූ අවස්ථාවේ නියමිත ගාස්තු ගෙවීම සඳහා පැයකටත් වැඩි කාලයක් ගත කිරීමට අදාළ ගුවන් සමාගමේ නිලධාරීන්ට

Read More »

බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට මෙල්බර්න් ලිහිල් වන නව නීති / කල හැකි – නොහැකි දෑ සියල්ල මෙන්න

මෙල්බර්න් නගරයේ දැනට ක්‍රියාත්මක ලොක්ඩවුන් තත්වය ලබන බ්‍රහස්පතින්දා එනම් 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් නිවේදනය කලේය. ඒ අනුව සැළසුම් කල දිනයට පෙර ලොක්ඩවුන් තත්වය අවසන් කෙරේ. බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වන සීමා ලිහිල් කිරීම් මෙසේයි මෙල්බර්න් නාගරික කලාපය නිවසකට පැමිණිය හැකි අමුත්තන් ගණන 10 දක්වා ඉහළ දැමේ. එය මෙල්බර්න් නාගරික හා ප්‍රාදේශීය යන කලාප 02 සඳහාම බලාත්මකයි. බාහිර හමුවීම් සඳහා උපරිම 15 දෙනෙකු සහභාගී කරවා ගත හැකිය. ප්‍රජා ක්‍රීඩා

Read More »

Breaking: මෙල්බර්න් ලොක්ඩවුන් තත්වය ලබන බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට අවසන්

මෙල්බර්න් නගරයේ දැනට ක්‍රියාත්මක ලොක්ඩවුන් තත්වය ලබන බ්‍රහස්පතින්දා එනම් 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් නිවේදනය කලේය. හෙට හෝ අනිද්දා වනවිට සියයට 70 ක එන්නත්කරණ ඉලක්කය සම්පූර්ණ වනු ඇතැයි අපේක්ෂා කරන බව දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔයු පැවසීය. ඒ අනුව සැළසුම් කල දිනයට පෙර ලොක්ඩවුන් තත්වය අවසන් කෙරේ. බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වන සීමා ලිහිල් කිරීම් මෙසේයි මෙල්බර්න් නාගරික කලාපය නිවසකට පැමිණිය හැකි අමුත්තන් ගණන 10 දක්වා ඉහළ දැමේ. එය

Read More »

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 301 ක් / මරණ 10 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (16) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 301 ක් වාර්තා වි තිබේ. දැනට 619 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 137 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 10 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 526 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 69,107 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1449495458531840002?s=20

Read More »