Day: October 17, 2021

වික්ටෝරියාවේ ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,838ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,838 ක් හමුව ඇත. මරණ 7ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,376 කි. ඊයේ දිනයේදී (16) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 73,501 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 38,977ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1449495396741484548?s=20 අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

Read More »

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය අද සිට

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය අද ආරම්භ වනවා. කණ්ඩායම් 16 කගේ සහභාගීත්වයෙන් ලබන නොවැම්බර් 14 වැනිදා දක්වා ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී තරග පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 08 ක් සුදුසුකම් ලබාගැනීමේ වටයේදි තරග වදිනු ඇති. එම අනෙකුත් රටවල් වන්නේ බංග්ලාදේශය, අයර්ලන්තය, නැමීබියාව, නෙදර්ලන්තය, ඕමානය, පැපුවා නිව් ගිනියාව සහ ස්කොට්ලන්තයයි. ඇෆ්ගනිස්තානය, ඔස්ටේ්‍රලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්තානය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් සුපිරි 12 වටය සඳහා දැනටමත් තේරී පත්වී අවසන්. ශ්‍රී ලංකාවට

Read More »
police

ලොක්ඩවුන් විරෝධී උද්ඝෝෂණයකට සහභාගී වූ 57 ක් මෙල්බර්න් නගරයේදී අත්අඩංගුවට

ලොක්ඩවුන් විරෝධී සහ එන්නත්කරණ විරෝධී උද්ඝෝෂණයකට සහභාගී වූ පුද්ගලයන් 57 දෙනෙකු ඊයේ පස්වරුවේ මෙල්බර්න් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙල්බර්න් Princes Park අසළදී මොවුන් අදාළ විරෝධතාව සංවිධාන කර තිබිණ. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කිරීමේ චෝදනාව යටතේ මෙම පිරිසට දඩ නිවේදන 42 ක් නිකුත් කර ඇත. වික්ටෝරියා පොලිසිය පවසන්නේ සෞඛ්‍ය උපදෙස් කඩ කර මෙවැනි නීති විරෝධී උද්ඝෝෂණ පවත්වන ඕනෑම අයෙකුට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි. source : https://www.9news.com.au/national/victoria-news-police-make-arrests-in-relation-to-protests-in-inner-melbourne/30710756-fecc-4754-9fad-64f5fed4c941

Read More »