Search

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය අද සිට

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය අද ආරම්භ වනවා.

කණ්ඩායම් 16 කගේ සහභාගීත්වයෙන් ලබන නොවැම්බර් 14 වැනිදා දක්වා ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී තරග පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 08 ක් සුදුසුකම් ලබාගැනීමේ වටයේදි තරග වදිනු ඇති.

එම අනෙකුත් රටවල් වන්නේ බංග්ලාදේශය, අයර්ලන්තය, නැමීබියාව, නෙදර්ලන්තය, ඕමානය, පැපුවා නිව් ගිනියාව සහ ස්කොට්ලන්තයයි.

ඇෆ්ගනිස්තානය, ඔස්ටේ්‍රලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්තානය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් සුපිරි 12 වටය සඳහා දැනටමත් තේරී පත්වී අවසන්.

ශ්‍රී ලංකාවට මෙවර සුපිරි කණ්ඩායම් 12 අතරට පිවිසීමට නම් සුදුසුකම් ලබා ගැනීමේ වටයෙන් ඉහළ ප්‍රසාද ලකුණු ලබා ගත යුතුයි.

ඒ අනුව ඔවුන් අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව යන කණ්ඩායම් සමග තරග කළ යුතුයි.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය නැමීබියාවට එරෙහිව හෙට අබුඩාබි හිදී පැවැත්වෙනවා.

අද දිනයේදී ඕමානය සහ පැපුවා නිව් ගිනියාවත් / බංග්ලාදේශය සහ ස්කොට්ලන්තයත් තරග වදිනු ඇති.

එම තරග 02 ම ඕමානයේදීයි පැවැත්වෙන්නේ.

2021 විස්සයි විස්ස ලෝක කුසලාන ශ+රතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන අතර අනුශ+රතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 8 ක මුදලක් හිමි වනු ඇති.

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »