ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර නිරෝධායනයකින් තොර (Quarantine-free) ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත එකග වී ඇත්තේ නවසීලන්තයේ දකුණු දිවයින සමග ලබන අගහරුවාදා සිට යළිත් ගුවන් ගමන් ආරම්භ කිරීමටයි.
පසුගිය වසරේදී වාර්තාවීමෙන් පසු මේ දක්වා නවසීලන්තයේ දකුණු දිවයිනෙන් මේ දක්වා කිසිදු කොවිඩ් ආසාධිතයකු වාර්තා වී නොමැත.
එමෙන්ම උතුරු දිවයිනේ සිට දකුණු දිවයිනට පුද්ගලයන් පැමිණීම වළක්වාලීමට පියවර රැසක් ගෙන ඇති බැවින් අවධානමක් ද නොමැති බවයි ඔස්ටේ්‍රලියා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී Paul Kelly සඳහන් කලේ.
මේ අනුව දැනට නවසීලන්තයේ දකුණු දිවයිනේ සිටින ඔස්ටේ්‍රලියා – නවසීලන්ත ජාතිකයන් පමණක් නොව ඕනෑම පුරවැසියෙකුට නිරෝධායනය වීමකින් තොරව නිවු සවුත් වේල්ස් හෝ වික්ටෝරියා ප්‍රාන්ත වෙත පැමිණීමට අවසර ලැඛෙනු ඇත.
නවසීලන්තය හා ඔස්ටේ්‍රලියාව අතර නිරෝධායනයෙන් තොර ගුවන් සංචාරක බුබුළක් මෙම වසර මුලදී ආරම්භ කෙරුණද එය නවතා දැමීමට සිදුවූයේ රටවල් දෙකෙන්ම කොවිඩ් ආසාධිතයන් වාර්තාවීමත් සමගයි.
මේ අතර සිංගප්පූරුව සමග ගුවන් සංචාරක බුබුළක්ද හැකි ඉක්මණින් ආරම්භ කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියාසිටියේ.