
මෙල්බර්න් නගරයේ දැනට ක්‍රියාත්මක ලොක්ඩවුන් තත්වය ලබන බ්‍රහස්පතින්දා එනම් 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් නිවේදනය කලේය.
ඒ අනුව සැළසුම් කල දිනයට පෙර ලොක්ඩවුන් තත්වය අවසන් කෙරේ.
බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වන සීමා ලිහිල් කිරීම් මෙසේයි

මෙල්බර්න් නාගරික කලාපය
නිවසකට පැමිණිය හැකි අමුත්තන් ගණන 10 දක්වා ඉහළ දැමේ. එය මෙල්බර්න් නාගරික හා ප්‍රාදේශීය යන කලාප 02 සඳහාම බලාත්මකයි.

බාහිර හමුවීම් සඳහා උපරිම 15 දෙනෙකු සහභාගී කරවා ගත හැකිය.
ප්‍රජා ක්‍රීඩා පුහුණු කිරීම් යළිත් ආරම්භ කල හැකිය.
Pubs – සමාජ ශාලා හා අනෙකුත් විනෝදාස්වාද ස්ථාන වෙත පූර්ණ එන්නත්කරණයට ලක්වූ 20 දෙනෙකු අභ්‍යන්තරයට ගෙන්වා ගත හැකිය. බාහිරින් පුද්ගලයන් 50 දෙනෙකුට සිටීමට අවසර ලැබේ.
විවාහ සහ අවමංගල්‍ය උත්සව සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්වූ 20 දෙනෙකු අභ්‍යන්තරයට ගෙන්වා ගත හැකිය. බාහිරින් පුද්ගලයන් 50 දෙනෙකුට සිටීමට අවසර ලැබේ.
නාගරික මෙල්බර්න් සඳහා මේ දක්වා පැවති ඇඳිරි නීතිය මෙන්ම කිලෝමීටර් 15 සීමාව ඉවත් කෙරේ.
අර්ධ කාලීන වශයෙන් අධ්‍යාපන කටයුතු සඳහා සියලුම සිසුන් පාසල් වෙත ගෙන්වා ගත හැකිය.
පූර්ණ එන්නත්කරණයට ලක්වූ උපරිම 05 දෙනෙකු එකවර රූපලාවන්‍යාගාර වෙත ගෙන්වා ගත හැකිය.
මෙල්බර්න් ප්‍රාදේශීය කලාපය
Pubs – සමාජ ශාලා හා අනෙකුත් විනෝදාස්වාද ස්ථාන වෙත පූර්ණ එන්නත්කරණයට ලක්වූ 30 දෙනෙකු අභ්‍යන්තරයට ගෙන්වා ගත හැකිය.
පූර්ණ කාලීන වශයෙන් අධ්‍යාපන කටයුතු සඳහා සියලුම සිසුන් පාසල් වෙත ගෙන්වා ගත හැකිය.
විවාහ සහ අවමංගල්‍ය උත්සව සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්වූ 30 දෙනෙකු අභ්‍යන්තරයට ගෙන්වා ගත හැකිය. බාහිරින් පුද්ගලයන් 100 දෙනෙකුට සිටීමට අවසර ලැබේ.
නාගරික සහ ප්‍රාදේශීය මෙල්බර්න් කලාප සඳහා ගමනාගමනය අත්‍යවශ්‍ය කරුණු සඳහා පමණක් යොදාගන්නැයි ඉල්ලීමක් කෙරේ.
https://twitter.com/DanielAndrewsMP/status/1449529933936529408?s=20