Day: October 8, 2021

Update: අවස්ථා 02 කදී මුහුණු ආවරණ නොපැළඳ සිටි වික්ටෝරියා අගමැතිට $400 ක දඩයක්

අවස්ථා 02 කදී මුහුණු ආවරණ නොපැළඳ සිටීමේ චෝදනාවට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස්ට ඩොලර් 400 ක දඩ මුදලක් පණවා තිබේ. පෙරේදා සහ ඊයේ යන දින 02 දීම ඔහු ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ පැළඳ නොසිටි බවටයි චෝදනා එල්ල වන්නේ. එම අවස්ථා 02 දීම ඔහු වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට මුහුණු ආවරණ නොමැතිව සිටින අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණ. මෙම අවස්ථා 02 ම සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවද අගමැතිවරයා ප්‍රකාශ කලේය. වික්ටෝරියා හි බලාත්මක කොවිඩ් මර්දන නීති අනුව

Read More »

ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 05 කට බූස්ටර් මාත්‍රාව දීම ලබන සඳුදා සිට

ඔස්ටේ්‍රලියානුවන්ට බූස්ටර් හෙවත් 03 වන කොවිඩ් මාත්‍රාව ලබාදීම ලබන සඳුදා සිට ආරම්භ කෙරේ. ඒ යටතේ පළමු අධියර ලෙස විවිධ රෝගාබාධ සහිත ලක්ෂ 05 ක ජනතාවකට බූස්ටර් මාත්‍රාව ලබාදීම සිදුවනු ඇති. ප්‍රතිශක්තීකරණ ගැටලු සහිත පුද්ගලයන් මෙලෙස එන්නත් කිරීමට නියමිතයි. දෙවන මාත්‍රාව ලබාගෙන මාස 02 ත් 06 ත් අතර ගතවී ඇති පුද්ගලයන් සඳහා බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් මාත්‍රාවක් ලබාදීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියාසිටියේ. ඔස්ටේ්‍රලියාව විසින් මාත්‍රා මිලියන 150 ක් පමණ දැනටමත් ඇණවුම් කර ඇති

Read More »

අද රාත්‍රියේ සිට වික්ටෝරියා මුව ආවරණ නීති ලිහිල් කෙරේ / ක්වීන්ස්ලන්ඩ් නීති ත් සංශෝධනයට

අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ මුව ආවරණ සම්බන්ධ නීති ලිහිල් කෙරේ. ප්‍රධාන සෞඛ්‍ය නිළධාරරී බ්‍රෙට් සට්න් අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ බාහිර අවස්ථාවකදී ඇල්කොහොල් පානය සඳහා මුව ආවරණ ඉවත් කිරීමට අවසර හිමිවන බවයි. ඒ අනුව Picnic සඳහා යන වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට නිරෝධායන නීති ලිහිල් වීමක් සිදුකෙරේ. Regional Victoria හි පාසල් සඳහා බලාත්මක මුව ආවරණ නීතියේද සංශෝධනයක් සිදුකර තිබේ. 03 වසරේ සිට ඉහළට සියලු සිසුන් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වන නමුත් Prep සිට 02 වසර සඳහා

Read More »

VIDEO : වික්ටෝරියා අගමැති මුව ආවරණයක් නොමැතිව සිටීම ගැන විමර්ශනයක්

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් මුව ආවරණයක් නොමැතිව ගමන් කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊයේ දිනයේ දෛනික මාධ්‍ය හමුවට පැමිණීමේදී ඔහු මෙලෙස මුව ආවරණයක් නොමැතිව සිට ඇති බව සඳහන්. එම අවස්ථාවේ සිටි මාධ්‍යවේදියෙකු එය වීඩියෝගත කර ඉන්ස්ටග්‍රම් හි පළකර තිබිණ. පසුව එය සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වීමත් සමග පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ. #BREAKING This is the video I shot yesterday of @DanielAndrewsMP approaching his press conference at

Read More »

NSW ඊයේ කොවිඩ් මරණ 11 ක් – ආසාධිතයන් 648 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (07) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 648 ක් වාර්තා වි තිබේ. දැනට 856 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 170 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 11 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 470 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 103,388 ක් සිදු කර ඇත. NSW recorded 646 new locally acquired cases of COVID-19 in

Read More »