
අවස්ථා 02 කදී මුහුණු ආවරණ නොපැළඳ සිටීමේ චෝදනාවට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස්ට ඩොලර් 400 ක දඩ මුදලක් පණවා තිබේ.
පෙරේදා සහ ඊයේ යන දින 02 දීම ඔහු ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ පැළඳ නොසිටි බවටයි චෝදනා එල්ල වන්නේ.
එම අවස්ථා 02 දීම ඔහු වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට මුහුණු ආවරණ නොමැතිව සිටින අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණ.

මෙම අවස්ථා 02 ම සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවද අගමැතිවරයා ප්‍රකාශ කලේය.
වික්ටෝරියා හි බලාත්මක කොවිඩ් මර්දන නීති අනුව එළිමහනේ සෑම අවස්ථාවකදීම මුව ආවරණය පැළඳීම අනිවාර්යයි.

එය කඩ කිරීමට ඩොලර් 200 ක දඩයක් නියම කිරීමට ප්‍රතිපාදන පවතී.