ඔස්ටේ්‍රලියානුවන්ට බූස්ටර් හෙවත් 03 වන කොවිඩ් මාත්‍රාව ලබාදීම ලබන සඳුදා සිට ආරම්භ කෙරේ.
ඒ යටතේ පළමු අධියර ලෙස විවිධ රෝගාබාධ සහිත ලක්ෂ 05 ක ජනතාවකට බූස්ටර් මාත්‍රාව ලබාදීම සිදුවනු ඇති.
ප්‍රතිශක්තීකරණ ගැටලු සහිත පුද්ගලයන් මෙලෙස එන්නත් කිරීමට නියමිතයි.
දෙවන මාත්‍රාව ලබාගෙන මාස 02 ත් 06 ත් අතර ගතවී ඇති පුද්ගලයන් සඳහා බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් මාත්‍රාවක් ලබාදීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියාසිටියේ.
ඔස්ටේ්‍රලියාව විසින් මාත්‍රා මිලියන 150 ක් පමණ දැනටමත් ඇණවුම් කර ඇති බැවින් බූස්ටර් මාත්‍රාව දීමට කිසිදු බාධාවක් නැතැයිද ඔහු පැවසීය.