Day: October 8, 2021

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා අධ්‍යාපන හුවමාරු වැඩසටහන් ඉහළ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවධානය

ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය මෙන්ම එන්නත්කරණ ක්‍රියාවලිය ඉහළ සාර්ථකත්වයක් අත් කරගෙන ඇති බවත් එය ප්‍රසාදයට ලක් කරන බවත් ශ්‍රී ලංකාවේ වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Amanda Jewell පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල හමුවූ අවස්ථාවේදී වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය මේ බව කීය. එම හමුවෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත යුනිසෙෆ් සංවිධානය හරහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 842,156 ක වෛද්‍ය උපකරණ හා සෞඛ්‍ය උපකරණ  තොගයක්  පරිත්‍යාග කිරීම සිදුවිණී. ළමා මෙන්ම වැඩිහිටි පිරිස් සඳහාද කෘතිම

Read More »

වික්ටෝරියාවේ දිනක කොවිඩ් රෝගීන් ගණන 1800 සීමාව ඉක්මවයි!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,838 ක් හමුව ඇත. මරණ 5ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16,823 කි. ඊයේ දිනයේදී (07) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 77,554 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 36,600 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1446228550831337480?s=20 අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

Read More »

ක්වන්ටාස් නව වාර්තා 02 ක් එකවර පිහිටුවයි

ක්වන්ටාස් ගුවන් සේවය සිය ගුවන් ගමන් ඉතිහාසයේ නව වාර්තා 02 ක් ඊයේ දිනයේදී එකවර පිහිටුවන ලදී. එනම් දීර්ඝතම ගුවන් ගමන (කිලෝමීටර් 15,020) සහ වැඩිම වේලාවක් (පැය 17 යි විනාඩි 25) ගත කල ගුවන් ගමන යන වාර්තා 02 යි. දකුණු අමෙරිකාවේ සිටි ඔස්ටේ‍රලියානු ජාතිකයන් 128 දෙනෙකු රැගෙන ඒම සඳහා මෙම ගුවන් ගමන ක්‍රියාත්මක කෙරිණ. ඒ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්න් නගරයේ සිට ඩාර්වින් දක්වා යි. https://twitter.com/Qantas/status/1445905988846952454?s=20 මේ දක්වා ක්වන්ටාස් විසින් ක්‍රියාත්මක කල දීර්ඝතම ගුවන් ගමන වූයේ පර්ත් සිට

Read More »

කටුනායකට පැමිණෙන ගුවන් මගීන් එදිනම Duty-free භාණ්ඩ මිළදී ගත යුතු බවට නියමයක්

කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශයන්හි සිට පැමිණෙන තීරු බදු සහනය යටතේ හිමිකම් ඇති ගුවන් මගීන්ට නව නියමයක් පණවා ඇත. දිවයිනට පැමිණෙන දිනයේදීම තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම අනිවාර්ය කර තිබෙනවා. කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පැමිණෙන ගුවන් මගීන්ට පමණක් මෙම අවස්ථාව හිමි වන බවද සදහන්. එසේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන පැමිණෙන ගුවන් මගීන්ගේ එන්නත් කාඩ්පත ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පරීක්ෂා කර බලනවා. එන්නත් මාත්‍රා දෙකම

Read More »