ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා අධ්‍යාපන හුවමාරු වැඩසටහන් ඉහළ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවධානය

ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය මෙන්ම එන්නත්කරණ ක්‍රියාවලිය ඉහළ සාර්ථකත්වයක් අත් කරගෙන ඇති බවත් එය ප්‍රසාදයට ලක් කරන බවත් ශ්‍රී ලංකාවේ වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Amanda Jewell පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල හමුවූ අවස්ථාවේදී වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය මේ බව කීය.

එම හමුවෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත යුනිසෙෆ් සංවිධානය හරහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 842,156 ක වෛද්‍ය උපකරණ හා සෞඛ්‍ය උපකරණ  තොගයක්  පරිත්‍යාග කිරීම සිදුවිණී.

ළමා මෙන්ම වැඩිහිටි පිරිස් සඳහාද කෘතිම ශ්වසනය ලබා දීමට භාවිතා කළ හැකි පහසුවෙන් එහා මෙහා ගෙනයා හැකි නවීන තාක්ෂණය මුසු වූ High flow machine 02 ක් හා Oxygen concentrators 02 ක් මෙහිදී සංකේතාත්මකව පරිත්‍යාග කෙරිණි.

මෙය කොවිඩ් – 19 ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය උපකරණ වන අතර ඔක්සිජන් මට්ටම සාමාන්‍ය තත්ත්වයක පවත්වා ගැනීමට යොදා ගනී.

මේ වන විට වසා දමා තිබෙන ඕස්ට්‍රේලියාවට ඇතුල් වීම සඳහා වන සීමාවන් ක්‍රම ක්‍රමයෙන් ලිහිල් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ඉදිරි තත්ත්වය සලකා බලා මේ සඳහා වන වැඩපිළිවෙල සකස් කරන බවත් ශ්‍රී ලංකාවේ වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Amanda Jewell කීය.

ශ්‍රී ලංකාව හා  ඕස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික හුවමාරු වැඩසටහන් ඉදිරියට වඩාත් ඉහළ මට්ටමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙරටට ලැබෙන වෛද්‍ය උපකරණ , සෞඛ්‍ය උපකරණ ඇතුළු පරිත්‍යාග අවශ්‍යතා පවත්නා ආකාරය අනුව ඒ ඒ ප්‍රදේශ වලට ලබාදෙන බවත් එම අවශ්‍යතා දෛනිකව වෙනස් වන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමේදී ඇතැම් එන්නත් නොපිළිගන්නා තත්ත්වයන් ඇතැයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා වැැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරියගෙන් විමසූ විට පවතින තත්ත්වයන් මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් සලකා බලා ඒ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරන බව කීවාය.

එමෙන්ම සෑම රටකටම ජාත්‍යන්තරිකව පිළිගත හැකි පොදු එන්නත්කරණ සහතිකපතක් නිකුත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවහොත් එය ඉතා කාලෝචිත වැඩපිළීවෙලක් වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයාත් වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය මෙන්ම, යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතවරුන් මෙහිදී පෙන්වා දුන්හ.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »