කටුනායකට පැමිණෙන ගුවන් මගීන් එදිනම Duty-free භාණ්ඩ මිළදී ගත යුතු බවට නියමයක්

කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශයන්හි සිට පැමිණෙන තීරු බදු සහනය යටතේ හිමිකම් ඇති ගුවන් මගීන්ට නව නියමයක් පණවා ඇත.

දිවයිනට පැමිණෙන දිනයේදීම තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම අනිවාර්ය කර තිබෙනවා.

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පැමිණෙන ගුවන් මගීන්ට පමණක් මෙම අවස්ථාව හිමි වන බවද සදහන්.

එසේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන පැමිණෙන ගුවන් මගීන්ගේ එන්නත් කාඩ්පත ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පරීක්ෂා කර බලනවා.

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇත්නම් ඔවුන්ගේ කාඩ්පත මත රතු මුද්‍රාවක් තබා සනාථ කිරීමෙන් පසුව තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත පිවිසීමට අවශ්‍යය පහසුකම් සළසා දී තිබෙනවා.

කෙසේ නමුත් ගුවන් මගීන්ට ගුවන් තොටුපළ වෙත පැමිණි දිනට පසු දිනවල පැමිණ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිළදී ගැනීම සිදු කළ නොහැකි බව ගුවන් තොටුපළ බළධාරින් දන්වා සිටිනවා.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »