Day: October 5, 2021

කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් / මුදල් අමාත්‍ය Josh Frydenberg හුදකලා කෙරේ

කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් ආසාධිත බව හඳුනාගැනීමත් සමග ෆෙඩරල් රජයේ මුදල් අමාත්‍ය Josh Frydenberg හුදකලා කර තිබේ. තමා කොවිඩ් පරීක්ෂණයක් සිදුකරගත් බවත් එහිදී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබුණු බවත් නිවේදනයක් නිකුත්කරමින් අමාත්‍යවරයා සඳහන් කලේය. මෙල්බර්න් නුවර පිහිටා ඇති ඔහුගේ පක්ෂ කාර්යාලය මේ වනවිට පූර්ණ විශබීජහරණයකට ලක්කර ඇත. අදාළ කාර්ය මණ්ඩලය සාමාජිකයා සමග සමීපව කටයුතු කල පිරිසක් මේ වනවිට හුදකලා කර ඇති බවද මුදල් අමාත්‍ය Josh Frydenberg පැවසීය. source : https://7news.com.au/lifestyle/health-wellbeing/frydenberg-isolating-after-staff-positive-c-4153605

Read More »

මෙල්බර්න් CFMEU මූලස්ථානයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් ගණන 07 ට නගී

මෙල්බර්න් CFMEU මූලස්ථානය අසල පැවති විරෝධතාවලින් පසු කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගත් සංඛ්‍යාව 07 ක් දක්වා ඉහළගොස් තිබේ. සති 02 ක් පුරා පැවති ඉදිකිරීම් වැඩබිම් වසාදැමීම අවසන්වූ අද දිනයේදී එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිමටද විශේෂත්වයකි. කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට එරෙහිව ඉදි කිරීම් සේවකයන් විසින් දින කිහිපයක් සිදුකල විරෝධතාත් සමගයි වැඩබිම් වසා දැමීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය කටයුතු කලේ. මෙම ආසාධිතයන් 07 දෙනා අතුරින් 03 දෙනෙකුම විරෝධතාකරුවන්ට නිරාවරණය වී කොවිඩ් වැළඳී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. පසුගිය සැප්තැමබර් 29

Read More »

පැය 06 ක බිඳවැටීම නිසා සකර්බර්ග් ට ඩොලර් බිලියන 08 ක පාඩුවක්

පැය 06 කට ආසන්න කාලයක් පුරා වට්ස්ඇප් – ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් සේවා බිඳවැටී තිබීම හේතුවෙන් ඒවායෙහි හිමිකාරීත්වය දරන මාර්ක් සකර්බර්ග්ට සිදුව ඇති පාඩුව ඩොලර් බිලියන 08 කට වැඩි බව තක්සේරු කර තිබෙනවා. අමෙරිකානු කොටස් වෙළඳපොල තුළ අදාළ සමාගම්වල කොටස් මිළ සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කලා. ෆේස්බුක් සමාගම සතු එම සමාජ මාධ්‍යවල කෝටි 350 ඉක්ම වූ පරිශීලකයින්ට මෙම ඇප්ලිකේෂන සහ සේවා වෙත ඊයේ රාත්‍රියේ සිට පිවිසිය නො හැකි වුණා. කෙසේවෙතත්

Read More »

ලබන මස දේශ සීමා විවෘත කලත් පැමිණිය හැකි skilled migrants හා සිසුන්ට පමණයි / සංචාරකයන් ගෙන්වීම මාර්තුවේ

ලබන මාසයේදී ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා විවෘත කෙරුණද සංචාරකයන් සඳහා රටට පැමිණීමට අවසර දෙනුයේ ලබන වසර උදාවීමෙන් අනතුරුව බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා. පුහුණු ශ්‍රමිකයන් සහ සිසුන්ට පමණක් රටට පැමිණීමට පළමු අධියරේදී ප්‍රමුඛතාවය දෙන බවයි අගමැතිවරයා කියාසිටියේ. වයස අවුරුදු 16 ට වැඩි සියයට 80 ක් ජනතාවට දෙවන මාත්‍රාව ලබාදී අවසන්වූ වහා ඔස්ටේ්‍රලියාවේ දේශසීමා විවෘත කරන බවයි ස්කොට් මොරිසන් පසුගියදා සඳහන් කලේ. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන්ට විදෙස් සංචාර සඳහා ගොස් රටට

Read More »

මෙල්බර්න් ඉදිකිරීම් වැඩ බිම් සති 02 කට පසු යළි විවෘතයි

සති 02 කට ආසන්න කාලයක් වසා දමා තිබූ මෙල්බර්න් නගරයේ ඉදිකිරීම් වැඩ බිම් අද (05) යලි විවෘත කෙරිණ. වැඩබිම්වල කටයුතු දැඩි දැඩි COVID ආරක්‍ෂිත පියවර මධ්‍යයේ ආරම්භ කෙරුණු නමුත් රාජකාරී සඳහා පැමිණෙන සියලුම සේවකයින් කොවිඩ් එන්නත ලබා තිබිය යුතුවේ. වික්ටෝරියා ප්‍රාන්තයේ Pfizer, AstraZeneca සහ Moderna එන්නත් මාත්‍රා ලබාගැනීමට අවස්ථා ඇති බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි. ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,763 ක් සමග කොවිඩ් මරණ 04 ක් වාර්තා විය. කොවිඩ් වසංගතය

Read More »