පැය 06 ක බිඳවැටීම නිසා සකර්බර්ග් ට ඩොලර් බිලියන 08 ක පාඩුවක්

පැය 06 කට ආසන්න කාලයක් පුරා වට්ස්ඇප් – ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් සේවා බිඳවැටී තිබීම හේතුවෙන් ඒවායෙහි හිමිකාරීත්වය දරන මාර්ක් සකර්බර්ග්ට සිදුව ඇති පාඩුව ඩොලර් බිලියන 08 කට වැඩි බව තක්සේරු කර තිබෙනවා.

අමෙරිකානු කොටස් වෙළඳපොල තුළ අදාළ සමාගම්වල කොටස් මිළ සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කලා.

ෆේස්බුක් සමාගම සතු එම සමාජ මාධ්‍යවල කෝටි 350 ඉක්ම වූ පරිශීලකයින්ට මෙම ඇප්ලිකේෂන සහ සේවා වෙත ඊයේ රාත්‍රියේ සිට පිවිසිය නො හැකි වුණා.

කෙසේවෙතත් එම සමාජ මාධ්‍ය අද අලූයම් කාලයේ යළි සක්‍රීය කෙරුණු බවයි ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළේ.

එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මෙම බිඳ වැටීම සම්බන්ධයෙන් පරිශීලකයින් වෙතින් සමාව අයැද සිටියා.

මේ අතර ෆේස්බුක් සමාජ මාධ්‍ය බිඳ වැටීමකට ලක්වනවිට ට්විටර් සමාජ මාධ්‍ය වෙත පැමිණි පරිශීලකයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »