ලබන මාසයේදී ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා විවෘත කෙරුණද සංචාරකයන් සඳහා රටට පැමිණීමට අවසර දෙනුයේ ලබන වසර උදාවීමෙන් අනතුරුව බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.
පුහුණු ශ්‍රමිකයන් සහ සිසුන්ට පමණක් රටට පැමිණීමට පළමු අධියරේදී ප්‍රමුඛතාවය දෙන බවයි අගමැතිවරයා කියාසිටියේ.
වයස අවුරුදු 16 ට වැඩි සියයට 80 ක් ජනතාවට දෙවන මාත්‍රාව ලබාදී අවසන්වූ වහා ඔස්ටේ්‍රලියාවේ දේශසීමා විවෘත කරන බවයි ස්කොට් මොරිසන් පසුගියදා සඳහන් කලේ.
ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන්ට විදෙස් සංචාර සඳහා ගොස් රටට පැමිණිය හැකියි.
මේ අනුව බොහෝදුරට ලබන මාර්තු මාසය වනවිට විදෙස් සංචාරකයන්ට ඔස්ටේ්‍රලියාව විවෘත වනු ඇති බවයි ඔස්ටේ්‍රලියානු සංචාරක අපනයන කවුන්සිලය අපේක්ෂා කරන්නේ.
SOURCE : https://abcnews.go.com/Health/wireStory/australia-international-tourists-2022-80406703