මෙල්බර්න් CFMEU මූලස්ථානය අසල පැවති විරෝධතාවලින් පසු කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගත් සංඛ්‍යාව 07 ක් දක්වා ඉහළගොස් තිබේ.
සති 02 ක් පුරා පැවති ඉදිකිරීම් වැඩබිම් වසාදැමීම අවසන්වූ අද දිනයේදී එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිමටද විශේෂත්වයකි.
කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට එරෙහිව ඉදි කිරීම් සේවකයන් විසින් දින කිහිපයක් සිදුකල විරෝධතාත් සමගයි වැඩබිම් වසා දැමීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය කටයුතු කලේ.
මෙම ආසාධිතයන් 07 දෙනා අතුරින් 03 දෙනෙකුම විරෝධතාකරුවන්ට නිරාවරණය වී කොවිඩ් වැළඳී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
පසුගිය සැප්තැමබර් 29 වනදා සිට CFMEU මූලස්ථානය ඝනයේ අවධානම් ස්ථානයක් ලෙසද නම් කෙරිණ.