මෙල්බර්න් ඉදිකිරීම් වැඩ බිම් සති 02 කට පසු යළි විවෘතයි

සති 02 කට ආසන්න කාලයක් වසා දමා තිබූ මෙල්බර්න් නගරයේ ඉදිකිරීම් වැඩ බිම් අද (05) යලි විවෘත කෙරිණ.

වැඩබිම්වල කටයුතු දැඩි දැඩි COVID ආරක්‍ෂිත පියවර මධ්‍යයේ ආරම්භ කෙරුණු නමුත් රාජකාරී සඳහා පැමිණෙන සියලුම සේවකයින් කොවිඩ් එන්නත ලබා තිබිය යුතුවේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Pfizer, AstraZeneca සහ Moderna එන්නත් මාත්‍රා ලබාගැනීමට අවස්ථා ඇති බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,763 ක් සමග කොවිඩ් මරණ 04 ක් වාර්තා විය.

කොවිඩ් වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන මෙයයි.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »