Day: September 2, 2021

NSW ප්‍රාන්තයේ ප්‍රදේශ 12 කට හෙට සිට Lockdown සීමා කිහිපයක් ලිහිල්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ බල ප්‍රදේශ 12 ක ජනතාවට හෙට (03) සිට Lockdown සීමා කිහිපයක් ලිහිල් කෙරේ. ඒ අනුව ඔවුන්ට සීමාවකින් තොරව ශරීර සුවතා ව්‍යායාම් කිරීම සඳහා අවසර හිමිවනු ඇත. අදාළ ප්‍රදේශ වන්නේ : Bayside, Blacktown, Burwood, Campbelltown, Canterbury-Bankstown, Cumberland, Fairfield, Georges River, Liverpool, Parramatta, Strathfield & Penrith දැනට මෙම ප්‍රදේශවල ඒ සඳහා ලබාදී ඇත්තේ පැයක කාලයක් පමණි. කෙසේවෙතත් මෙම ප්‍රදේශවල රාත්‍රී 09 – අලුයම 05 ඇඳිරි නීතිය අඛණ්ඩව බලාත්මකව පවතී. මේ අතර Lockdown ප්‍රදේශවල

Read More »

ඔස්ටේ්‍රලියාව එන්නත්කරණ කඩඉමක – භාවිත කල සමස්ත කොවිඩ් මාත්‍රා මිලියන 20 ඉක්මවයි

ඔස්ටේ්‍රලියාව එන්නත්කරණයේ කඩඉමක් පසු කර තිබේ. අද වනවිට මෙරටදී භාවිත කර ඇති සමස්ත කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 20 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය. මේ වනවිට ජාතික සැළසුමකට අනුව එන්නත්කරණය සිදුවන බවද ඔහු සඳහන් කලේය. අවුරුදු 12 න් ඉහළ දරුවන්ට එන්නත් ලබාදීම මීලග සැළසුම බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ. මේ අතර ඔස්ටේ්‍රලියාවේ එක් එක් ප්‍රාන්ත සියයට 70 – 80 ඉලක්කය සපුරා ගන්නා දින වකවානු පිළිබඳ පුරෝකථනයක් පෙරේදා දිනයේදී සිදුකෙරිණ. ඊට අනුව මුලින්ම

Read More »
HOSPITAL AMBULANCE

NSW ඊයේ කොවිඩ් මරණ 07 ක් – ආසාධිතයන් 1288 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී කොවිඩ් මරණ 07 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 163 කි. අඛණ්ඩව 06 වන දිනයටත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාධිතයන් ගණන 1000 ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනයේදී වාර්තා වී ඇති ආසාධිතයන් ගණන 1288 කි. දැනට 957 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 160 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. https://twitter.com/NSWHealth/status/1433233620341170176?s=20

Read More »

NSW මෙන්ම කොවිඩ් “0” ඉලක්කය වික්ටෝරියාත් අත්හැර දමයි

ඔස්ටේ්‍රලියාවේ වඩාත් ජනාකීර්ණම ප්‍රාන්ත 02 වන නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා විසින් කොවිඩ් ආසාධිතයන් බවට පත්කරගැනීමේ ඉලක්කය අත්හැර දමා තිබෙනවා. ඒ වෙනුවට වෛරසය සමග සිටිමින් දෛනික කටයුතු පවත්වාගෙන යාමේ වැඩපිළිවෙලකට යාමටයි එම ප්‍රාන්ත රජයන් දෙකම තීරණය කර ඇත්තේ. ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තය වසින් මීට අදාළ මාර්ග සැළැස්මක්ද හඳුන්වා දුන්නේය. එම පියවර අනුගමනය කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයද සූදානම් වන බවට වාර්තා පළවේ. දැනට ඩෙල්ටා වෛරස ප්‍රභේදය හමුවේ මෙම ප්‍රාන්ත දෙකෙහිම දෛනික කොවිඩ් ආසාධිතයන් සැළකිය යුතු

Read More »

මෙවර වික්ටෝරියාවේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් වැඩිම ගණන ඊයේ දිනයේදී!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 176 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,029 කි. ඊයේ දිනයේදී (01) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 48,372 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 33,720 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1433196844603953157?s=20

Read More »