Search

NSW ප්‍රාන්තයේ ප්‍රදේශ 12 කට හෙට සිට Lockdown සීමා කිහිපයක් ලිහිල්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ බල ප්‍රදේශ 12 ක ජනතාවට හෙට (03) සිට Lockdown සීමා කිහිපයක් ලිහිල් කෙරේ.

ඒ අනුව ඔවුන්ට සීමාවකින් තොරව ශරීර සුවතා ව්‍යායාම් කිරීම සඳහා අවසර හිමිවනු ඇත.

අදාළ ප්‍රදේශ වන්නේ :

Bayside, Blacktown, Burwood, Campbelltown, Canterbury-Bankstown, Cumberland, Fairfield, Georges River, Liverpool, Parramatta, Strathfield & Penrith

දැනට මෙම ප්‍රදේශවල ඒ සඳහා ලබාදී ඇත්තේ පැයක කාලයක් පමණි.

කෙසේවෙතත් මෙම ප්‍රදේශවල රාත්‍රී 09 – අලුයම 05 ඇඳිරි නීතිය අඛණ්ඩව බලාත්මකව පවතී.

මේ අතර Lockdown ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සඳහා තවත් අමතර ඩොලර් බිලියන 04 ක ප්‍රතිපාදන සැපයීමටද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අද තීරණය කර තිබේ.

ඒ අනුව ව්‍යාපාර රැසකට ගෙවීමට නියමිත බදු මුදල් ගෙවීම සඳහා ලබන ජනවාරිය දක්වා කල් ලබාදීමද සිදුකෙරේ.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »