ඔස්ටේ්‍රලියාව එන්නත්කරණ කඩඉමක – භාවිත කල සමස්ත කොවිඩ් මාත්‍රා මිලියන 20 ඉක්මවයි

ඔස්ටේ්‍රලියාව එන්නත්කරණයේ කඩඉමක් පසු කර තිබේ.

අද වනවිට මෙරටදී භාවිත කර ඇති සමස්ත කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 20 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

මේ වනවිට ජාතික සැළසුමකට අනුව එන්නත්කරණය සිදුවන බවද ඔහු සඳහන් කලේය.

අවුරුදු 12 න් ඉහළ දරුවන්ට එන්නත් ලබාදීම මීලග සැළසුම බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

මේ අතර ඔස්ටේ්‍රලියාවේ එක් එක් ප්‍රාන්ත සියයට 70 – 80 ඉලක්කය සපුරා ගන්නා දින වකවානු පිළිබඳ පුරෝකථනයක් පෙරේදා දිනයේදී සිදුකෙරිණ.

ඊට අනුව මුලින්ම එම ඉලක්කයට ළගා වන්නේ තස්මේනියා ප්‍රාන්තයයි.

ඔක්තෝබර් 13 වනවිට එහි සියයට 70 ක්ද ඔක්තෝබර් 29 වනදා වනවිට සියයට 80 ක්ද ලෙස එම ඉලක්කය සම්පූර්ණ වනු ඇති බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තය නොවැම්බර් 03 වනදා වනවිට සියයට 70 ක් ලෙසත් නොවැම්බර් 21 වනදා වනවිට සියයට 80 ක ඉලක්කය සපුරාලනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මීට අනුව අවසාන වශයෙන් එන්නත්කරණ ඉලක්කයට ළගාවන්නේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයයි.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »