Day: August 26, 2021

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීමට ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය

ඕස්ට්‍රේලියානු රජයේ ව්‍යාපාරික හවුල්කාරීත්ව ද්විත්වයක්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීම වෙනුවෙන් ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා. එය ක්‍රියාත්මක වන්නේ තිරසාර ආර්ථික වර්ධනයට සහ දිලිදු බව අවම කිරීමේ ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රධානත ම වැඩපිළිවළක් වන ව්‍යාපාරික හවුල්කාරීත්ව වේදිකාව යටතේ යි. කුඩා ව්‍යාපාර, අවිධිමත් සේවකයන් සහ කාන්තාවන් සවිබල ගැන්වීම මෙමඟින් අපේක්ෂා කෙරෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ‍යථාවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාව කැපව සිටින බව ද මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Read More »

NSW දිනක ආසාධිතයන් 1000 පනී – මාත්‍රා 02 ම ගත් අයට එළියට යන්න සහනයක්

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 1034 දෙනෙකු හඳුනාගෙන තිබේ. මෙය ඔස්ටේ්‍රලියාවෙන් මේ දක්වා එක් දිනයකදී ආසාධිතයන් 1000 ඉක්මවා වාර්තා වූ පළමු අවස්ථාවයි. NSW recorded 1,029 new locally acquired cases of COVID-19 in the 24 hours to 8pm last night. Of these locally acquired cases, 185 are linked to a known case or cluster – 160 are household contacts and 25 are close contacts – source of infection for 844 cases

Read More »

Bendigo බෝධි ධම්ම විහාරය සඳහා වැඩම කරවූ ජය ශ්‍රී මහා බෝ සමිඳු අංකුරය ඔස්ටේ්‍රලියානු භූමියට

Bendigo බෝධි ධම්ම විහාරය තුළ රෝපණය කිරීම සඳහා වැඩම කරවන ලද අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරය ඔස්ටේ්‍රලියානු භූමිය වෙත වැඩම කරවා තිබේ. එය මාස 12 ක් පුරා Department of Agriculture, Water and Environment හිදී නිරෝධායනය කිරීමෙන් අනතුරුව රෝපණය කිරීමට නියමිතය. දැනට ජීවමානව පවතින ඉපැරණිම වෘක්ෂය ලෙස සැළකෙන්නේ මීට වසර 2300 කට පමණ ඉහතදී මුල් වරට රෝපණය කරවන ලද ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ය. බොහෝ දුරට ලබන වසරේ මැයි මාසය වනවිට මෙම අංකුරය නිරෝධායන

Read More »

ක්වන්ටාස් විදෙස් ගුවන් ගමන් අරඹන දිනය හෙළි කරයි

මෙම වසර අවසන්වීමට පෙර ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරිමට හැකිවනු ඇතැයි ඔස්ටේ්‍රලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් පවසයි. 2020-21 වසරට අදාළ සිය මූල්‍ය වාර්තාව එළි දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව කොවිඩ් වසංගතය මධ්‍යයේ ගතවූ වසර තුළ ක්වන්ටාස් වාර්තා කර ඇති ශුද්ධ අලාභය ඩොලර් බිලියන 2.35 කි. මෙම කාලය තුළදී දින 330 ක් වැනි දීර්ඝ කාලසීමාවක් දේශීය ගුවන් වාර පවා ක්‍රියාත්මක නොවු බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ. බොහෝ දුරට නවසීලන්ත සංචාරක බුබුළ හැකි

Read More »

වික්ටෝරියා ප්‍රජාව අතරින් තවත් ආසාදිතයින් 80 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 80 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 600 කි. ඊයේ දිනයේදී (25) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 56,248 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 33,932 ක් ලබා දී තිබේ. Reported yesterday: 80 new local cases and no new cases acquired overseas. – 33,932 vaccine doses were administered – 56,248 test results were

Read More »