Search

NSW දිනක ආසාධිතයන් 1000 පනී – මාත්‍රා 02 ම ගත් අයට එළියට යන්න සහනයක්

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 1034 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මෙය ඔස්ටේ්‍රලියාවෙන් මේ දක්වා එක් දිනයකදී ආසාධිතයන් 1000 ඉක්මවා වාර්තා වූ පළමු අවස්ථාවයි.

මේ අතර එන්නත් මාත්‍රා 02 ම ගත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට ලබන සැප්තැම්බර් 13 වනදා සිට බලපැවැත්වෙන පරිදි සීමා කිහිපයක් ලිහිල් කර තිබේ.

ඒ අනුව දැඩි අවධානම් නොවන ප්‍රදේශවල පුද්ගලයන්ට නිවසේදී උපරිම 05 දෙනෙකු දක්වා හමුවිය හැකිය.

කිලෝමීටර් 05 ක් දුරක් දක්වා ඔවුන්ට ගමන් කිරීමටද හැකියාව පවතී.

අවධානම් ප්‍රදේශවල පුද්ගලයන්ටද එම අවසරය හිමිවන නමුත් එය උපරිම පැයක කාලයකට සීමා කෙරේ.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ Back-to-school වැඩසටහන හෙට දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian කියාසිටී.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »