මෙම වසර අවසන්වීමට පෙර ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරිමට හැකිවනු ඇතැයි ඔස්ටේ්‍රලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් පවසයි.
2020-21 වසරට අදාළ සිය මූල්‍ය වාර්තාව එළි දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව කොවිඩ් වසංගතය මධ්‍යයේ ගතවූ වසර තුළ ක්වන්ටාස් වාර්තා කර ඇති ශුද්ධ අලාභය ඩොලර් බිලියන 2.35 කි.
මෙම කාලය තුළදී දින 330 ක් වැනි දීර්ඝ කාලසීමාවක් දේශීය ගුවන් වාර පවා ක්‍රියාත්මක නොවු බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ.
බොහෝ දුරට නවසීලන්ත සංචාරක බුබුළ හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවටද ක්වන්ටාස් සමාගම අනාවැකි පළ කර සිටී.
Pic – AAP