Bendigo බෝධි ධම්ම විහාරය සඳහා වැඩම කරවූ ජය ශ්‍රී මහා බෝ සමිඳු අංකුරය ඔස්ටේ්‍රලියානු භූමියට – AusLanka TV – Australian News for the Sri Lankan community

Bendigo බෝධි ධම්ම විහාරය සඳහා වැඩම කරවූ ජය ශ්‍රී මහා බෝ සමිඳු අංකුරය ඔස්ටේ්‍රලියානු භූමියට

Bendigo බෝධි ධම්ම විහාරය සඳහා වැඩම කරවූ ජය ශ්‍රී මහා බෝ සමිඳු අංකුරය ඔස්ටේ්‍රලියානු භූමියට

Bendigo බෝධි ධම්ම විහාරය තුළ රෝපණය කිරීම සඳහා වැඩම කරවන ලද අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරය ඔස්ටේ්‍රලියානු භූමිය වෙත වැඩම කරවා තිබේ.

එය මාස 12 ක් පුරා Department of Agriculture, Water and Environment හිදී නිරෝධායනය කිරීමෙන් අනතුරුව රෝපණය කිරීමට නියමිතය.

දැනට ජීවමානව පවතින ඉපැරණිම වෘක්ෂය ලෙස සැළකෙන්නේ මීට වසර 2300 කට පමණ ඉහතදී මුල් වරට රෝපණය කරවන ලද ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ය.

බොහෝ දුරට ලබන වසරේ මැයි මාසය වනවිට මෙම අංකුරය නිරෝධායන කටයුතුවලින් නිදහස් කිරීමට හැකිවනු ඇතැයි ඔස්ටේ්‍රලියානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශ්වාසය පළකර සිටී.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ශ්‍රී ලංකාවේ සිට වැඩම කරවන ලද අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් :

ඔස්ටේ්‍රලියානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ ඡායාරූප :

Pic : Deeptha Wickramaratna