ඕස්ට්‍රේලියානු රජයේ ව්‍යාපාරික හවුල්කාරීත්ව ද්විත්වයක්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීම වෙනුවෙන් ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.
එය ක්‍රියාත්මක වන්නේ තිරසාර ආර්ථික වර්ධනයට සහ දිලිදු බව අවම කිරීමේ ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රධානත ම වැඩපිළිවළක් වන ව්‍යාපාරික හවුල්කාරීත්ව වේදිකාව යටතේ යි.
කුඩා ව්‍යාපාර, අවිධිමත් සේවකයන් සහ කාන්තාවන් සවිබල ගැන්වීම මෙමඟින් අපේක්ෂා කෙරෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාව කැපව සිටින බව ද මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.