Day: August 26, 2021

කාබුල් ගුවන් තොටුපළේ ඔස්ටේ්‍රලියානු කොඩිය සමග ඉන්න පිරිසේ සුලමුල මෙන්න

ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර ඔස්ටේ්‍රලියානු තානාපති කාර්යාලයේ හිටපු සේවකයන් පිරිසකට ගුවන් තොටුපළට යාගත නොහැකිව සිරවී සිටින බව වාර්තා වනවා. ඔවුන් ඔස්ටේ්‍රලියානු ජාතික ධජයද රැගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ පළවී තිබේ. ඇෆ්ඝනිස්ථානයේ සිට වෙනත් රටකට ගොස් එතැන් සිට ඔස්ටේ්‍රලියාව දක්වා පැමිණීමයි මෙම පිරිසගේ අපේක්ෂාව වන්නේ. ඇෆ්ඝනිස්ථානයේ සිට ඉවත් කරගත් පළමු ඔස්ටේ්‍රලියානුවන් කණ්ඩායම ලෙස 30 දෙනෙකු පමණ පසුගියදා පර්ත් වෙත පැමිණ තිබිණ.   Pic – Google

Read More »

අජිත් රෝහණ ICU ද ? සමාජ මාධ්‍යයේ යන ඡායාරූපයේ ඇත්තම කථාව මෙන්න

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොවිඩ් ආසාධනය වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඡායාරූපය ඔහුගේ නොවන බව පොලිස් මූලස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කලේ අදාළ ඡායාරූපය ටික්-ටොක් සමාජ ජාලයෙන් උපුටාගෙන පළකර ඇතැයි අනාවරණ වී ඇති බවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොවිඩ් ආසාධනය වී දැනට කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය මේ වනවිට සුව අතට පත්ව ඇති බවද පොලිසිය කියාසිටියා.

Read More »