කාබුල් ගුවන් තොටුපළේ ඔස්ටේ්‍රලියානු කොඩිය සමග ඉන්න පිරිසේ සුලමුල මෙන්න

ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර ඔස්ටේ්‍රලියානු තානාපති කාර්යාලයේ හිටපු සේවකයන් පිරිසකට ගුවන් තොටුපළට යාගත නොහැකිව සිරවී සිටින බව වාර්තා වනවා.

ඔවුන් ඔස්ටේ්‍රලියානු ජාතික ධජයද රැගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ පළවී තිබේ.

ඇෆ්ඝනිස්ථානයේ සිට වෙනත් රටකට ගොස් එතැන් සිට ඔස්ටේ්‍රලියාව දක්වා පැමිණීමයි මෙම පිරිසගේ අපේක්ෂාව වන්නේ.

ඇෆ්ඝනිස්ථානයේ සිට ඉවත් කරගත් පළමු ඔස්ටේ්‍රලියානුවන් කණ්ඩායම ලෙස 30 දෙනෙකු පමණ පසුගියදා පර්ත් වෙත පැමිණ තිබිණ.

 

Pic – Google

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »