ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොවිඩ් ආසාධනය වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඡායාරූපය ඔහුගේ නොවන බව පොලිස් මූලස්ථානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කලේ අදාළ ඡායාරූපය ටික්-ටොක් සමාජ ජාලයෙන් උපුටාගෙන පළකර ඇතැයි අනාවරණ වී ඇති බවයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොවිඩ් ආසාධනය වී දැනට කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය මේ වනවිට සුව අතට පත්ව ඇති බවද පොලිසිය කියාසිටියා.