Day: July 29, 2021

Mooney Valley Racecourse කොවිඩ් මධ්‍යස්ථානයේ සේවකයාට වැළඳී ඇත්තේ ඩෙල්ටා ???

Mooney Valley Racecourse හි කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයේ වෛරසය වැළඳුණු සේවකයාට වැළඳී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බවට සැක මතුවී තිබේ. කෙසේවෙතත් එය මේ දක්වා නිල වශයෙන් තහවුරු වී නොමැති බව වැඩ බලන ප්‍රධාන වෛද්‍ය නිළධාරී මහාචාර්ය Ben Cowie කියයි. මෙ වනවිට අදාළ ජාන පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කලේය. Mooney Valley Racecourse හි සියලුම සේවකයන් මේ වනවිට කොවිඩ් පරීක්ෂණවලට ලක් කර ඇත. අදාළ සේවකයාට වෛරසය වැළඳුණු ආකාරය තවමත් අභිරහසක්ව පවතී.

Read More »

Frankston ස්ථාන කිහිපයක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

Frankston / Altona North / Yarraville ඇතුලු මෙල්බර්න් නගරයේ ස්ථාන කිහිපයක් කොවිඩ් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ. Woolworths / 7-Eleven / Coles / Ritchies IGA Liquor ඇතුලු වෙළඳසැල් / මත්පැන් අලෙවි ස්ථාන ද ඒ අතර වනවා. අදාළ ස්ථාන සහ අවධානම් සහගත කාල වේලාවන් පහතින් :

Read More »

සිඩ්නි කොවිඩ් තත්වය තවත් දරුණු අතට / ඊයේ ආසාධිතයන් 239 ක් – මරණ 02 ක්

පසුගිය පැය 24 තුළදී NSW ප්‍රාන්තයෙන් ආසාධිතයන් 239 ක් වාර්තා වී ඇති අතර ඉන් 66 දෙනෙකු වෛරසය තිබියදී සමාජයේ සැරිසරා ඇත. එමෙන්ම ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ 02 ක් ද ප්‍රාන්තයෙන් සටහන්වී තිබේ. 90 හැවිරිදි කාන්තාවක සහ 80 හැවිරිදි පිරිමි අයෙකු එලෙස මියගොස් තිබිණ. මේ වනවිට ප්‍රාන්තය තුළ රෝහල්වල සිටින ගණන 182 කි. ඉන් 54 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටින බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශ කියයි. https://twitter.com/NSWHealth/status/1420549755751395333?s=20  

Read More »

අඛණ්ඩව 05 වන දිනයටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් අඩු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක්

අඛණ්ඩව 05 වන දිනයටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් අඩු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරමින් ගතවූ පැය 24 තුළදී ආසාධිතයන් 07 ක් පමණක් සටහන්වී ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් සියලු දෙනා හුදකලාව සිටි අය බවයි ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 205 කි. ඊයේ දිනයේදී (28) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 42,009 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 19,118 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1420513050025553920?s=20

Read More »

ලොකුම මැණික කියන තරම් වටින්නේ නැහැලු ????

රත්නපුර කහවත්තෙන් හමු වූ ලොව විශාලතම මැණික් ගල් පොකුරේ වටිනාකම පිළිබඳ මේ වනවිට පරස්පර අදහස් පළවීමට පටන්ගෙන තිබේ. මැණික් ක්ෂේත්‍රයේ විශේෂඥයකු ප්‍රකාශ කළේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන තරම් වටිනාකමක් එය සතුව නොමැති බවය. කිලෝග්‍රෑම් 510 ක් බරැති ආරනූල් වර්ගයේ වර්ගයට විශාල මැණික් ගල් පොකුරක් මීට මාස කිහිපයකට පෙර රත්නපුර කහවත්ත ප්‍රදේශයෙන් හමුවී තිබූ අතර ඒ පිළිබඳව තොරතුරු මාධ්‍යට ලබාදීමට බලධාරීන් කටයුතු කළේය. මෙහි අවම වටිනාකම රුපියල් කෝටි දෙදහසකට අධික බව ජාතික මැණික් හා

Read More »