සිඩ්නි කොවිඩ් තත්වය තවත් දරුණු අතට / ඊයේ ආසාධිතයන් 239 ක් – මරණ 02 ක්

පසුගිය පැය 24 තුළදී NSW ප්‍රාන්තයෙන් ආසාධිතයන් 239 ක් වාර්තා වී ඇති අතර ඉන් 66 දෙනෙකු වෛරසය තිබියදී සමාජයේ සැරිසරා ඇත.

එමෙන්ම ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ 02 ක් ද ප්‍රාන්තයෙන් සටහන්වී තිබේ.

90 හැවිරිදි කාන්තාවක සහ 80 හැවිරිදි පිරිමි අයෙකු එලෙස මියගොස් තිබිණ.

මේ වනවිට ප්‍රාන්තය තුළ රෝහල්වල සිටින ගණන 182 කි.

ඉන් 54 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටින බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශ කියයි.

https://twitter.com/NSWHealth/status/1420549755751395333?s=20

 

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »