Mooney Valley Racecourse හි කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයේ වෛරසය වැළඳුණු සේවකයාට වැළඳී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බවට සැක මතුවී තිබේ.
කෙසේවෙතත් එය මේ දක්වා නිල වශයෙන් තහවුරු වී නොමැති බව වැඩ බලන ප්‍රධාන වෛද්‍ය නිළධාරී මහාචාර්ය Ben Cowie කියයි.
මෙ වනවිට අදාළ ජාන පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කලේය.
Mooney Valley Racecourse හි සියලුම සේවකයන් මේ වනවිට කොවිඩ් පරීක්ෂණවලට ලක් කර ඇත.
අදාළ සේවකයාට වෛරසය වැළඳුණු ආකාරය තවමත් අභිරහසක්ව පවතී.