ලොකුම මැණික කියන තරම් වටින්නේ නැහැලු ????

රත්නපුර කහවත්තෙන් හමු වූ ලොව විශාලතම මැණික් ගල් පොකුරේ වටිනාකම පිළිබඳ මේ වනවිට පරස්පර අදහස් පළවීමට පටන්ගෙන තිබේ.

මැණික් ක්ෂේත්‍රයේ විශේෂඥයකු ප්‍රකාශ කළේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන තරම් වටිනාකමක් එය සතුව නොමැති බවය.

කිලෝග්‍රෑම් 510 ක් බරැති ආරනූල් වර්ගයේ වර්ගයට විශාල මැණික් ගල් පොකුරක් මීට මාස කිහිපයකට පෙර රත්නපුර කහවත්ත ප්‍රදේශයෙන් හමුවී තිබූ අතර ඒ පිළිබඳව තොරතුරු මාධ්‍යට ලබාදීමට බලධාරීන් කටයුතු කළේය.

මෙහි අවම වටිනාකම රුපියල් කෝටි දෙදහසකට අධික බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පැවසීය.

එහෙත් ක්ෂේත්‍රෙය් විශේඥයන් දෙදෙනකු ප්‍රකාශකළේ එය එතරම් වටිනාකමක් එහි නොමැති බවය.

රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව ලොකුම මැණික එහි අයිතිකරුගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පැවැසීය.

වෙන්දේසියේ විකිණීමට ප්‍රථම පළමුවෙන්ම එහි වටිනාකම තක්සේරු කරගත යුතු වන බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »