Day: July 26, 2021

NSW ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් 44 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ තවත් කොවිඩ් ආසාධිතයන් 145 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ පරීක්ෂණ 98,000 ක් අතුරිනි. මින් 51 දෙනෙකු වෛරසය තිබියදී සමාජයේ සැරිසරා ඇති බවද සඳහන්. දැනට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් 156 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 44 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටී.

Read More »

ඊයේ වික්ටෝරියා ප්‍රජාව අතරින් ආසාදිතයින් 11 යි/ Lockdown ලිහිල් වන බවට අනාවැකි

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 11 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 කි. ඊයේ දිනයේදී (25) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 25,404 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 13,953 ක් ලබා දී තිබේ. වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය හෙට එනම් අගහරුවාදා රාත්‍රී 12 ට අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ. තත්වය සුභදායක

Read More »

Dandenong නිවසක ගින්නකින් කුඩා දරුවෙකු මිය යයි

මෙල්බර්න් Dandenong හි නිවසක හටගත් ගින්නකින් කුඩා දරුවෙකු මියගොස් තිබේ. ඊයේ රාත්‍රී 10 ට පමණ හි නිවසක මෙම ගින්න හටගෙන තිබූ බව වික්ටෝරියා පොලිසිය කියයි. වැඩිහිටි 03 දෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු මෙහිදී දිවි ගලවා ගැනීමට සමත්ව ඇත. එමෙන්ම ගින්න නිවීමට පැමිණි අසල්වැසියෙකුද සුලු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර මෙල්බර්න් Laverton හි නිවසක ඊයේ හටගත් ගින්නකින් කාන්තාවක මියගොස් තිබේ.   Pic – 7News

Read More »

ඩෙල්ටා නිසා ලංකාව යළිත් වැසීමේ සූදානමක් ???

දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන යළිත් කොරෝනා මර්දන නීති දැඩි කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පැතිර යන ඩෙල්ටා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් දැඩිව අවධානයට ගෙන සෞඛ්‍ය උපදෙස් මත සියලු දෙනා ක්‍රියාත්මක විය යුතු බවය. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පවසන්නේ, ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි මාසය තුළ මෙරට ප්‍රධාන වෛරස් ප්‍රභේදයක් බවට පත්වීමේ අවදානමක් පවතින බවය. ලෝකයේ අනෙකුත් රටවල ඩෙල්ටා ප්‍රභේදයේ

Read More »

කොවිඩ් අනාවැකි කියූ විකට ශිල්පියා සිඩ්නි විරෝධතාවයට ගිහින් අනාගනී

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යා පිළිබඳ අනාවැකි පළකිරීම හේතුවෙන් ජනප්‍රිය වී සිටි විකට ශිල්පී Jon-Bernard Kairouz සිඩ්නි නගරයේ පැවති Lockdown විරෝධී උද්ඝෝෂණයකට සහභාගී වීම හේතුවෙන් ඩොලර් 1000 ක දඩයකට යටත් කර තිබේ. නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම හමුවේ මොහු ඇතුලු දහස් සංඛ්‍යාත පිරිසකට එරෙහිව චෝදනා පත්‍ර භාරදීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ. මොහු පසුගිය සතියේදී අතිශය ජනප්‍රිය වූයේ ප්‍රාන්තයේ දිනපතා කොවිඩ් ආසාධිත සංඛ්‍යා ඒවා නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර අනාවැකි ලෙස පළ

Read More »