
දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන යළිත් කොරෝනා මර්දන නීති දැඩි කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පැතිර යන ඩෙල්ටා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් දැඩිව අවධානයට ගෙන සෞඛ්‍ය උපදෙස් මත සියලු දෙනා ක්‍රියාත්මක විය යුතු බවය.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පවසන්නේ, ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි මාසය තුළ මෙරට ප්‍රධාන වෛරස් ප්‍රභේදයක් බවට පත්වීමේ අවදානමක් පවතින බවය.

ලෝකයේ අනෙකුත් රටවල ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය ගැන සැලකිල්ලට ගනිමින් ඒ බව ප්‍රකාශ කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමේ වේගය අධික වීමයි.

දැනට රට තුළ ක්‍රියාත්මක එන්නත් වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්විය හැකි වුවත්, එන්නත් ප්‍රමුඛතාවයන්ට අනුව ලබාදීමේදී ගැටලු තවමත් පවතින බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පැවසීය.
එක් එක් එන්නත් වර්ග පළාත් මට්ටමින් බෙදා දීම වෙනුවට, ඒවායේ ක්‍රියාකාරිත්වය හා වැඩිම වයස් සීමා සලකා බලමින් ලෝක ප්‍රවණතාවයන්ට අනුකූලව එන්නත්කරණය සුදුසු බව සංගමයේ මතයයි.
එසේ නොවුණහොත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එන්නත්කරණය ඵල රහිත බව ඔවුන් පෙන්වා දෙයි.