
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 11 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 කි.
ඊයේ දිනයේදී (25) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 25,404 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 13,953 ක් ලබා දී තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය හෙට එනම් අගහරුවාදා රාත්‍රී 12 ට අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.
තත්වය සුභදායක බැවින් බොහෝ දුරට රෙගුලාසි ලිහිල් වනු ඇති බවටද අනාවැකි පළවනවා.

ප්‍රාන්ත අගමැති Daniel Andrews ඊයේ රාත්‍රී මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමගද සාකච්ඡා කර තිබූ අතර අද දිනයේදී බොහෝ දුරට අදාළ නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.