Day: July 16, 2021

MELBOURNE VICTORIA

Lockdown පළමු දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයන් 06 ක් / MCG, Tier 01 අවධානම් තත්වයට

Lockdown තත්වය ආරම්භ වූ පළමු දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු වාර්තා වී තිබේ. ගතවූ පැය 24 තුළදී ආසාධිතයන් 10 දෙනෙකු සටහන්වී ඇති අතර ඉන් 04 දෙනෙකු ඊයේ දිනයේදීම සටහන් විය. මේ අනුව ගතවූ දින 03 තුළදී මෙල්බර්න් නගරයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් ගණන 24 දක්වා ඉහළ යයි. ඊයේ හඳුනාගත් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි. මේ අතර පසුගිය සෙනසුරාදා පැවති Carlton vs Geelong තරගය නැරඹීමට ගිය කිහිප දෙනෙකුම මේ වනවිට ආසාධිතයන් බවට හඳුනාගැනීම

Read More »

“ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් කිහිපයකට ලාංකිකයන් ලක්ෂ 06 ක් වීසා ඉල්ලලා”

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව වෙනත් රටවලට ඇතුල්වීම සඳහා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ හයකට අධික සංඛ්‍යාවක් තානාපති හා මහ කොමසාරිස් කාර්යාල හරහා වීසා අයදුම් කර ඇතැයි හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසීය. ශ්‍රී ලාංකිකයන් වීසා ඇදුම් කර ඇති රටවල් අතර යුරෝපා රටවල්, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව ප්‍රමුඛස්ථානයේ තිබෙන බව තානාපති කාර්යාල වීසා නිකුත් කිරීමේ සේවා වලින් තහවුරු වූ බව ද ඔහු කීය. මෙලෙස වීසා අයදුම් කර සිටි පිරිසෙන් බහුතරය

Read More »

ජගත් වැල්ලවත්ත ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ධුරයට

ජේෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඔහු මේවනවිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වරයෙකු ලෙස වසර 26කට අධික කාලයක් සේවය කරන ජගත් වැල්ලවත්ත,  2019 දෙසැම්බර් 27 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කර කරනු ලැබිය. ජගත් වැල්ලවත්ත මින් පෙර 2010 මැයි මස සිට 2015 ජනවාරි මස දක්වා රාජ්‍ය

Read More »

Lockdown හමුවේ රැකියා කිරීමට නොහැකි වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සඳහා ද මූල්‍ය සහන

Lockdown තත්වය හමුවේ රැකියා කිරීමට නොහැකිවන වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සඳහා ද මූල්‍ය සහන ලබාදීමට තීරණය වී තිබේ. ඒ මධ්‍යම රජය සහ වික්ටෝරියා ප්‍රාන්ත රජය අතර ඇති කරගත් එකගතාවයකට අනුවයි. මේ අනුව සතියකට පැය 20 ට අඩුවෙන් රැකියා කරන පුද්ගලයන්ට ඩොලර් 375 ක සහ පැය 20 ට වැඩියෙන් රැකියා කරන පුද්ගලයන්ට ඩොලර් 600 ක් ලෙස මූල්‍ය සහන හිමිවනු ඇති. සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයටම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි දින 05 ක තත්වයක් පණවන ලදී. මේ අනුව

Read More »

ඩෙල්ටා ප්‍රභේදයට එරෙහි සුදුසුම එන්නත ගැන හෙළිදරව්වක්

මේ වනවිට ලොව පුරා බොහෝ රටවල ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරයමින් පවතී. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මේ වනවිට රටවල් 98 කින් පමණ හමුවී තිබේ. සමහර කොවිඩ් මර්දන එන්නත් ඊට නිසිලෙස ප්‍රතිචාර නොදක්වන බවද විදෙස් මාධ්‍ය පවසයි. මෙතෙක් සිදුකළ පර්යේෂණ වලින් හඳුනාගෙන ඇත්තේ ජොන්සන් සහ ජොන්සන් කොවිඩ් මර්දන එන්නත මගින් මාස 8 ක් පමණ කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ඇතිකරන බවය. එසේම එම එන්නත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ද සාර්ථකව ක්‍රියාකරන බව හඳුනාගෙන ඇත. ජොන්සන් සහ ජොන්සන් සමාගමේ පර්යේෂණ

Read More »