“ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් කිහිපයකට ලාංකිකයන් ලක්ෂ 06 ක් වීසා ඉල්ලලා”

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව වෙනත් රටවලට ඇතුල්වීම සඳහා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ හයකට අධික සංඛ්‍යාවක් තානාපති හා මහ කොමසාරිස් කාර්යාල හරහා වීසා අයදුම් කර ඇතැයි හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසීය.

ශ්‍රී ලාංකිකයන් වීසා ඇදුම් කර ඇති රටවල් අතර යුරෝපා රටවල්, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව ප්‍රමුඛස්ථානයේ තිබෙන බව තානාපති කාර්යාල වීසා නිකුත් කිරීමේ සේවා වලින් තහවුරු වූ බව ද ඔහු කීය.

මෙලෙස වීසා අයදුම් කර සිටි පිරිසෙන් බහුතරය සිංහල බෞද්ධ වීම සුවිශේෂී කාරණයක් බව ද වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

වැඩිම සංඛ්‍යාවක් වීසා ඇදුම් කර ඇත්තේ මේ වසරේ බව කී වජිර අබේවර්ධන මහතා මෙතරම් ඉහල ප්‍රතිශතයකින් ශ්‍රී ලාංකිකයන්ගේ වීසා අයදුම් කිරීම ඉහළ ගිය මෑත කාලයේ ප්‍රථම අවස්ථාව මෙය බවද ඔහු සඳහන් කළේය.

 

Source : https://bit.ly/3B9bxDR

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »