ජගත් වැල්ලවත්ත ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ධුරයට

ජේෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඔහු මේවනවිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වරයෙකු ලෙස වසර 26කට අධික කාලයක් සේවය කරන ජගත් වැල්ලවත්ත,  2019 දෙසැම්බර් 27 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කර කරනු ලැබිය.
ජගත් වැල්ලවත්ත මින් පෙර 2010 මැයි මස සිට 2015 ජනවාරි මස දක්වා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපති වරයා ලෙසද, 2007 අප්‍රේල් මස සිට 2010 මැයි මස දක්වා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති ලෙසද කටයුතු කර තිබෙන අතර 2005 දෙසැම්බර් සිට 2007 මාර්තු දක්වා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.
මොහු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ඇත්තෙකි.
‘පොහොට්ටු’ පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදකවරයා ලෙස කටයුතු කරන ඔහු මහින්ද චින්තන සහ සෞභාග්‍යයේ දැක්ම සම්පාදක කමිටුවේද ප්‍රධානියා විය.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »