ඩෙල්ටා ප්‍රභේදයට එරෙහි සුදුසුම එන්නත ගැන හෙළිදරව්වක්

මේ වනවිට ලොව පුරා බොහෝ රටවල ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරයමින් පවතී.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මේ වනවිට රටවල් 98 කින් පමණ හමුවී තිබේ.

සමහර කොවිඩ් මර්දන එන්නත් ඊට නිසිලෙස ප්‍රතිචාර නොදක්වන බවද විදෙස් මාධ්‍ය පවසයි.

මෙතෙක් සිදුකළ පර්යේෂණ වලින් හඳුනාගෙන ඇත්තේ ජොන්සන් සහ ජොන්සන් කොවිඩ් මර්දන එන්නත මගින් මාස 8 ක් පමණ කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ඇතිකරන බවය.

එසේම එම එන්නත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ද සාර්ථකව ක්‍රියාකරන බව හඳුනාගෙන ඇත.

ජොන්සන් සහ ජොන්සන් සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන අංශයේ ප්‍රධානී මතායි මැම්මෙන් පැවසුවේ, “එම කොවිඩ් මර්දන එන්නතේ එක මාත්‍රාවකින් ශක්තිමත් ලෙස ප්‍රතිදේහ නිපදවෙනවා. එහි අඩුවීමක් අපි දැක්කේ නෑ. අපි දැක්කේ කල්ගත වනවිට එය වර්ධනය වන බවක්,” යනුවෙනි.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත කොවිඩ් රෝගීන් ගණනාවක් හමු වීමත් සමග ඉදිරි සති දෙක ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇති බවට ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් අනතුරු අඟවයි.

මහාචාර්ය මලික් පීරිස් පවසන පරිදි ඩෙල්ටා ප්‍රභේදයට, ඇල්ෆා ප්‍රභේදයට වඩා 50% වැඩි වේගයකින් පැතිර යා හැක.

එබැවින් වැඩි දෙනෙකුට ඉතා ශ්‍රීඝ්‍රයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමේ ඉඩක් පවතී. මේ වන විට එක්සත් රාජධානියෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ගෙන් 90% ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසදිතයන්ය.

 

Source : ft.com / BBC

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »