Lockdown හමුවේ රැකියා කිරීමට නොහැකි වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සඳහා ද මූල්‍ය සහන

Lockdown තත්වය හමුවේ රැකියා කිරීමට නොහැකිවන වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සඳහා ද මූල්‍ය සහන ලබාදීමට තීරණය වී තිබේ.

ඒ මධ්‍යම රජය සහ වික්ටෝරියා ප්‍රාන්ත රජය අතර ඇති කරගත් එකගතාවයකට අනුවයි.

මේ අනුව සතියකට පැය 20 ට අඩුවෙන් රැකියා කරන පුද්ගලයන්ට ඩොලර් 375 ක සහ පැය 20 ට වැඩියෙන් රැකියා කරන පුද්ගලයන්ට ඩොලර් 600 ක් ලෙස මූල්‍ය සහන හිමිවනු ඇති.

සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයටම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි දින 05 ක තත්වයක් පණවන ලදී.

මේ අනුව Greater Melbourne, Moorabool Shire, City of Greater Geelong, Borough of Queenscliff & Surf Coast Shire ප්‍රදේශවාසීන්ට මධ්‍යම රජය විසින්ද අනෙකුත් ප්‍රදේශ සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින්ද මූල්‍ය සහන පිරිනමනු ඇති.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »