Day: July 7, 2021

NSW ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 27 ක් / Lockdown සීමා තවත් සතියකට දීර්ඝයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට පණවා ඇති Lockdown සීමා තවත් සතියකට දීර්ඝ කර තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 27 දෙනෙකු හමුවීමත් සමගයි. Greater Sydney, Blue Mountains, Central Coast, Wollongong & Shellharbour ප්‍රදේශ සඳහා මෙය බලාත්මක වනු ඇති. මේ අනුව ලබන 16 වනදා රාත්‍රී 12 තෙක් අදාළ ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍යම කරුණකට හැර නිවාසවලින් පිටතට යාමට කිසිදු අවසරයක් ලැබෙන්නේ නැහැ. සෞඛ්‍ය අංශ සමග පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බව NSW ප්‍රාන්ත අගමැතිනි Gladys Berejiklian පැවසුවාය.

Read More »

හෙට රෑ සිට වික්ටෝරියා Lockdown සීමා තවදුරටත් ලිහිල් / පාසල්වලදී Face-mask අනිවාර්ය නෑ

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ Lockdown සීමා තවදුරටත් ලිහිල් කර තිබේ. හෙට එනම් බ්‍රහස්පතින්දා රාත්‍රී 12 සිට ඒවා බලාත්මකයි. මේ අනුව මුහුණු ආවරණ භාවිතය / ඒකරාශිවීම් සහ ආගන්තුක සත්කාර කටයුතු සඳහා පණවා තිබු සිමා රැසක් ලිහිල් කර ඇත. මුහුණු ආවරණ – ගෘහස්ථ කටයුතුවලදී තවදුරටත් භාවිතය අනිවාර්යයි. එහෙත් පාසල්වලදී සිසුන්ට හෝ ගුරුවරුන්ට ඒවා පැළඳීම අනිවාර්ය නොමැත. කාර්යාල සේවකයන් කාර්යාලය තුළදී ඒවා පැළඳීම අනිවාර්ය නැත. බාහිර ජනතාව සමග කටයුතු කිරීමේදී පමණක් අනිවාර්යය. සුරා සැල් හා අවන්හල් – පාරිභෝගිකයන්ගේ

Read More »

වික්ටෝරියා කොවිඩ් ආසාධිතයන් නොමැති සතියක් වාර්තා කරයි / Lockdown සීමා හෙට සිට ලිහිල් ?

වික්ටෝරියා ප්‍රාන්තය තුළ අඛණ්ඩව 07 වන දිනයටත් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත. ඊයේ දිනයේදී පරීක්ෂණ 27,498 ක් සිදුකර ඇති අතර දැනට සක්‍රීයව සිටින ආසාධිතයන් ගණන 24 කි. පසුගිය සතිය පුරා සමාජ සම්ප්‍රේෂණයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා නොවීම හමුවේ ප්‍රාන්තයේ දැනට ක්‍රියාත්මක Lockdown සීමා ද තවදුරටත් ලිහිල් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් අද දහවල් වනවිට ලැබීමට නියමිතය. දැනට බලාත්මක Lockdown රෙගුලාසී හෙට රාත්‍රී 12 ට අවසන්වීමටයි නියමිතව ඇත්තේ. https://twitter.com/VicGovDH/status/1412539944560730119?s=20

Read More »

මන්ත්‍රීවරියක අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බවට ඔස්ට්‍රේලියා කැබිනට් ඇමතිවරයෙක් ට චෝදනාවක්

ඔස්ට්‍රේලියානු රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් තමාව අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බවට එරට හිටපු මන්ත්‍රීවරියක් චෝදනා කරයි. ජුලියා බෑන්ක්ස් පවසන්නේ එම අමාත්‍යවරයා තවමත් අමාත්‍ය මණ්ඩලයේ සිටින බවය. එම සිදුවීම 2017 වසරේදී පාර්ලිමේන්තුව තුළදී සිදුවූ බව ඇය ලිඛිතව දන්වා තිබේ. පාර්ලිමේන්තුවේ රාත්‍රී කාලයේ සිදුකළ ඡන්ද විමසීමක් අතරතුර එම අමාත්‍යවරයා තමාගේ පාදයක් අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බව සිය ලිපියෙන් ඇය චෝදනා කළාය. එම චෝදනාව සම්බන්ධයෙන් ඔවුන් මීට පෙර දැන නොසිටිය බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පැවසීය. “එවැනි

Read More »

NSW හි Lockdown තත්වය තවත් සතියකින් දීර්ඝ වන ළකුණු / පාසල් සඳහා නව රෙගුලාසි කිහිපයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට පණවා ඇති Lockdown තත්වය තවත් සතියකින් දීර්ඝ කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා. අද පෙරවරු 11 ට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian විසින් එය නිවේදනය කරනු ඇති බවටයි මාධ්‍ය වාර්තා පළවී ඇත්තේ. එමෙන්ම පාසල් සඳහා නව රෙගුලාසි කිහිපයක්ද අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. පසුගිය ජූනි මාසයේ මැද සිට මේ දක්වා NSW ප්‍රාන්තයෙන් හමුවී ඇති කොවිඩ් ආසාධිතයන් ගණන 330 කට අධිකයි. දිනෙන් දින ආසාධිතයන් ගණන

Read More »