NSW ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 27 ක් / Lockdown සීමා තවත් සතියකට දීර්ඝයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට පණවා ඇති Lockdown සීමා තවත් සතියකට දීර්ඝ කර තිබේ.

ඒ ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 27 දෙනෙකු හමුවීමත් සමගයි.

Greater Sydney, Blue Mountains, Central Coast, Wollongong & Shellharbour ප්‍රදේශ සඳහා මෙය බලාත්මක වනු ඇති.

මේ අනුව ලබන 16 වනදා රාත්‍රී 12 තෙක් අදාළ ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍යම කරුණකට හැර නිවාසවලින් පිටතට යාමට කිසිදු අවසරයක් ලැබෙන්නේ නැහැ.

සෞඛ්‍ය අංශ සමග පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බව NSW ප්‍රාන්ත අගමැතිනි Gladys Berejiklian පැවසුවාය.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »