Search

හෙට රෑ සිට වික්ටෝරියා Lockdown සීමා තවදුරටත් ලිහිල් / පාසල්වලදී Face-mask අනිවාර්ය නෑ

වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ Lockdown සීමා තවදුරටත් ලිහිල් කර තිබේ.

හෙට එනම් බ්‍රහස්පතින්දා රාත්‍රී 12 සිට ඒවා බලාත්මකයි.

මේ අනුව මුහුණු ආවරණ භාවිතය / ඒකරාශිවීම් සහ ආගන්තුක සත්කාර කටයුතු සඳහා පණවා තිබු සිමා රැසක් ලිහිල් කර ඇත.

මුහුණු ආවරණ – ගෘහස්ථ කටයුතුවලදී තවදුරටත් භාවිතය අනිවාර්යයි. එහෙත් පාසල්වලදී සිසුන්ට හෝ ගුරුවරුන්ට ඒවා පැළඳීම අනිවාර්ය නොමැත. කාර්යාල සේවකයන් කාර්යාලය තුළදී ඒවා පැළඳීම අනිවාර්ය නැත. බාහිර ජනතාව සමග කටයුතු කිරීමේදී පමණක් අනිවාර්යය.

සුරා සැල් හා අවන්හල් – පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාවේ සීමාවක් නොමැත. ශරීර සුවතා මධ්‍යස්ථාන – ආගමික ස්ථාන සහ ප්‍රජා කටයුතු සඳහාද මේ අයුරින් බල පැවැත්වෙයි. තැබෑරුම් වලදී අසුන් ගත හැකි උපරිම පුද්ගලයන් ගණනද ඉවත් කෙරේ.

නර්තන කටයුතු – උපරිම 50 කට සහභාගී විය හැකියි.

නිවාස ඒකරාශිවීම් – තවදුරටත් උපරිමය 15 දෙනෙකුට සීමා කර තිබේ. ලිහිල් නොවුණු එකම රෙගුලාසිය මෙයයි. ඉදිරි සති 02 සඳහාද මෙය බලාත්මකය.

මහජන ඒකරාශිවීම් – උපරිම 50 දෙනෙකුට සහභාගී විය හැකිය.

ක්‍රීඩා ඉසව් වැනි විශාල ඒකරාශීවීම් – ආසන ධාරිතාවයෙන් සියයට 75 ක් දක්වා හෝ උපරිමය 40,000 දක්වා අවසර ලැබේ. ගෘහස්ථ ක්‍රීඩාගාර සියයට 75 හෝ උපරිමය 7,500 කට සීමා කෙරේ. රංග ශාලා සඳහා උපරිම 2000 කට සහභාගී විය හැකිය.

විවාහ හෝ අවමංගල්‍ය උත්සව සඳහා උපරිම 300 දෙනෙකුට සහභාගී විය හැකිය.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »