
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට පණවා ඇති Lockdown තත්වය තවත් සතියකින් දීර්ඝ කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා.
අද පෙරවරු 11 ට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian විසින් එය නිවේදනය කරනු ඇති බවටයි මාධ්‍ය වාර්තා පළවී ඇත්තේ.
එමෙන්ම පාසල් සඳහා නව රෙගුලාසි කිහිපයක්ද අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

පසුගිය ජූනි මාසයේ මැද සිට මේ දක්වා NSW ප්‍රාන්තයෙන් හමුවී ඇති කොවිඩ් ආසාධිතයන් ගණන 330 කට අධිකයි.
දිනෙන් දින ආසාධිතයන් ගණන සිඝ්‍රයෙන් ඉහළයාමත් සමග Greater Sydney, the Blue Mountains, Shellharbour, Wollongong & the Central Coast කලාප 05 ට Lockdown තත්වයක් පැණවීමටයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පියවර ගත්තේ.

එය ලබන සිකුරාදා රාත්‍රී 12 ට අවසන්වීමටයි නියමිත වන්නේ.
Covid තත්වයේ අඩුවක් නොමැති බැවින් Lockdown සීමා තවත් සතියකින් දීර්ඝ කිරීමටයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත්තේ.